BREAKING : ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතික කාන්තාවකට කොරෝනා වෛරසය වැළදී ඇතැයි තහවුරු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
27

BREAKING : ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතික කාන්තාවකට කොරෝනා වෛරසය වැළදී ඇතැයි තහවුරු වෙයි

BREAKING : ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතික කාන්තාවකට කොරෝනා වෛරසය වැළදී ඇතැයි තහවුරු වෙයි

අංගොඩ බෝවන රෝග විද්‍යා ආයතනයට ඇතුළත් කෙරූ චීන ජාතික කාන්තාවකට කොරෝනා වෛරසය වැළදී ඇතැයි තහවුරු වී තිබෙනවා.

 

ඒ පිළිබඳව අප කළ විමසිමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරියෙකු ඒ බව තහවුරු කළා.

 

43 හැවිරිදි එම කාන්තාව අද දිනයේදි රෝහල්ගත කළ බව ඔහු පැවසුවා.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ  ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ චීනයේ හුබෙයි පළාතේ සිට මෙරටට පැමිණි චීන ජාතික කාන්තාවක් ආසාධිත තත්ත්වයේ අංගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

 

මේ වනවිට චීනය තුළ පමණක් වෛරසය හේතුවෙන් පුද්ගලයින් 81 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ආසාධිතයින් බවට තහවුරු කරගත් සංඛ්‍යාව 2,827කි.

 

ඉන් 461 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව චීන නවතම වාර්තාවල සඳහන් වෙයි.

views

805 Views

Comments

arrow-up