රාජකාරි අවස්ථාවේදී මියගිය පොලිස් නිලධාරීන්ගේ පවුල්වලටත් දීමනා - අමාත්‍ය සරත් වීරසේකර
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

රාජකාරි අවස්ථාවේදී මියගිය පොලිස් නිලධාරීන්ගේ පවුල්වලටත් දීමනා - අමාත්‍ය සරත් වීරසේකර

රාජකාරි අවස්ථාවේදී මියගිය පොලිස් නිලධාරීන්ගේ පවුල්වලටත් දීමනා - අමාත්‍ය සරත් වීරසේකර

අපරාධ මැඬලීමේ කටයුතුවල යෙදී සිටිය දී, 2015 වර්ෂයේ සිට මේ දක්වා ඝාතනය වූ පොලිස් නිලධාරින් සංඛ්‍යාව 15 ක් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් අචාර්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (04) පැවසීය.

 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී සහ රථවාහන සම්බන්ධ රාජකාරිවල දී ඔවුන් ඝාතනයට ලක් ව ඇති බව සරත් වීරසේකර මහතා පැවසීය.

 

මෙහිදී වීරසේකර මහතා ප්‍රකාශ කලේ මිය ගිය එම පොලිස් නිලධාරින්ගේ පවුල්වල සුබසාධන කටයුතු වෙනුවෙන්, මියගිය ති‍්‍රවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට දැනට ලබාදෙන දීමනා, මියගිය පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් ලබාදෙන බවය සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ, අද පාර්ලිමේන්තුවේදී යොමු කළ ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

 

 

 

 

views

622 Views

Comments

arrow-up