අඩු ආදායම්ලාභී පවුල්වලට මාස 2ක් නොමිලේ සහල්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

අඩු ආදායම්ලාභී පවුල්වලට මාස 2ක් නොමිලේ සහල්

අඩු ආදායම්ලාභී පවුල්වලට මාස 2ක් නොමිලේ සහල්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

 

2023 වසරේ මුල් භාගයේදී සමෘද්ධි  ප්‍රතිලාභීන් ඇතුළු දිස්ත්‍රික්ක 25හි  පවුල් මිලියන 2.74ක ප්‍රමාණයක් ආවරණය වන පරිදි එක් පවුලක් සඳහා මාසයකට නාඩු සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස දෙකක කාලයක් සඳහා සහල් ලබාදීමට  පියවර ගෙන ඇතැයි රජය පවසයි.

 

හඳුනා ගත් අඩු ආදායම්ලාභීන්ගේ පෝෂණ මට්ටම පවත්වාගෙන යාමට උපකාරයක් වශයෙන් මෙම වර්ෂයේදීද එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව පෙනී ගොස් තිබෙන බවද රජය කියයි.

 

ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්  හිමියන් සම්බන්ධ කර ගනිමින් දිස්ත්‍රික් ලේකම්වරුන් දිසාපතිවරුන් හරහා හඳුනා ගත් අඩු ආදායලාභී පවුල් මිලියන 2.74 ක් පමණ ආවරණයක් වන පරිදි එක්  පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් දහයක් ලබාදීමේ වැඩසටහන මාස දෙකක් කාලයක් ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

views

237 Views

Comments

arrow-up