බස්නාහිර 57,000කට අද කොවිඩ් එන්නත

බස්නාහිර පළාතේ පුද්ගලයින් 57,000කට කොවිඩ් එන්නත අද (17) දිනය තුළ ලබාදීමට කටයුතු කරන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
කොළඹ දිස්ත්‍රික්කයේ 27,018ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 17,622ක් හා කළුතර දිස්ත්‍රික්කයේ 11,710ක් ලෙස එම එන්නත්කරණය සිදුකිරීමට නියමිතයි
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, ගොතටුව, මොරටුව, එගොඩඋයන සහ හංවැල්ල යන සෞඛ්‍ය බලප්‍රදේශවලත්, කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත, බණ්ඩාරගම, මතුගම, පානදුර, හොරණ, බේරුවල, කළුතර යන සෞඛ්‍ය බලප්‍රදේශවලත්,
ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, මීගමුව, සීදුව, මහර, බියගම, වත්තල, මිනුවන්ගොඩ, රාගම, ජා-ඇල හා කැලණිය යන සෞඛ්‍ය බලප්‍රදේශවලත් හඳුනාගත් ග්‍රාමසේවා නිලධාරී කොට්ඨාසවල අවුරුදු 30 - 60ත් අතර සියලුදෙනාට අද දිනය තුළ එන්නත් ලබාදීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා
887 Views
Comments