කොළඹ , ගම්පහ ආසාදිතයන් වාර්තා වීම ඉහලට

ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන 976 ක් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
මෙරට දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිත ගණන ඊයේ දිනයේදී වාර්තා වුනා ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති මුළු ආසාදිතයන් ගණන 71,211 දක්වා ඉහල ගොස් තිබෙනවා
ඊයේ දිනයේ හදුනා ගත් ආසාදිතයන් අතුරින් වැඩිම පිරිස වන 252 ක් සටහන්වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් ,
ගම්පහ 227
මහනුවර 150
කලුතර 87
රත්නපුර 49
කුරුණෑගල 48
බදුල්ල 38
ගාල්ල 27
මාතර 21
අම්පාර 17
නුවරඑළිය 11
කිළිනොච්චිය 11
කෑගල්ල 10
අනුරාධපුර 07
මාතලේ 07
හම්බන්තොට 03
වවුනියාව 03
ත්‍රිකුණාමලය 02
පුත්තලම 01
මඩකලපුව 01
පොළොන්නරුව 01
මොණරාගල 01
මුලතිවු 01 අනෙක් ආසාදිතයා විදේශයක සිට පැමිණි අයෙක් වනවා.
837 Views
Comments