“කෲඩියා සිලනිකා” ශාකය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

“කෲඩියා සිලනිකා” ශාකය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

“කෲඩියා සිලනිකා” ශාකය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

මේ දින වැඩි කතා බහට ලක්වී තිබෙන “කෲඩියා සිලනිකා” ශාකය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා .

 

එහෙ සදහන් වන්නේ කෲඩියා සෙලනිකා ශාක විශේෂයට අයත් තවත් පරිණත ශාකයක් හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේද ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් සමරසිංහ මහතා නිකුත්කළ නිවේදනයේ සදහන් වනවා

 

ශාකය සම්බන්ධයෙන් කටයුතු කිරීමට යෝජිත ක්‍රමවේදය පිළිබද සවිස්තර වාර්තාවක් මාර්ග සංවර්ධන අධිකාරිය ඉදිරියේදී ලබාදීමට නියමිතයි.

 

එය මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඉදිරිපත් කළයුතු වන අතර අදාළ ආයතනවල නිර්දේශයන්ට යටත්ව ඉදිරි කටයුතු සිදු කළ යුතු වනවා.

 

 

views

1196 Views

Comments

arrow-up