පුංචි බෞද්ධ කොඩියක් නිසා යාපනේ නොසන්සුන්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
15

පුංචි බෞද්ධ කොඩියක් නිසා යාපනේ නොසන්සුන්

පුංචි බෞද්ධ කොඩියක් නිසා යාපනේ නොසන්සුන්

යාපනය නගර මධ්‍යයේ බෞද්ධ කොඩියක් එසවීම සම්බන්ධයෙන් යාපනය ප්‍රදේශවාසීන් අතර යම් නොසන්සුන්කාරි තත්වයක් හටගෙන ඇති බව යාපනය ප්‍රදේශවාසීන් පවසනවා.

 

ප්‍රදේශවාසීන් පැවසූවේ යාපනය බස් නැවතුම්පොළ මංසන්ධියේදී කුඩා ප්‍රමාණයේ බෞද්ධ කොඩියක් කිසියම් පිරිසක් විසින් ගසා ගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ යම් නොසන්සුන්කාරි තත්වයක් හටගෙන ඇති බවයි.

 

බෞද්ධ කොඩිය ගසා ඇති ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමට දෙමළ ජාතික මහජන පෙරමුණ පක්ෂයේ නියෝජිතයින් පිරිසක්ද පැමිණ බවද ප්‍රදේශවාසීන් පවසනවා.

 

ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසූවේ ඊයේ(13) අලුයම කාලයේ කිසියම් පිරිසක් අදාළ කොඩිය ගසා ගොස් ඇති බවට සැක පළ කරන බවත් මේ පිළිබඳ දෙමළ ජනතාව අකමැත්තෙන් පසුවන බවයි.

 

 

අරුණ_පුවත්පතින්...

views

1936 Views

Comments

arrow-up