ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ධුරය ජීවන් තොණ්ඩමන්ට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ධුරය ජීවන් තොණ්ඩමන්ට

ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ධුරය ජීවන් තොණ්ඩමන්ට

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරය දිවන්ගත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජිවන් තොණ්ඩමන් මහතා වෙත පිරි නැමිමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

 

හැටන් කොටගල ලංකා කම්කරු කොංග්‍රස පදනම් කාර්යයාලයට එක් රැස් වු එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් එම පක්ෂයේ මහ ලේකම් ධුරය ජිවන් තොණ්ඩමන් මහතාට ලබා දිමට එක් මතිකව තිරණය කර ඇති බව සඳහන්.

 

ලංකා කම්කරු කොංග්‍රසයේ මෙතෙක් මහ ලේකම් ධුරය දැරු අනුෂා සිවරාජ් මහත්මියට එම පක්ෂයේ උප සභාපති ධුරයක් පිරිනැමිමට දේශපාලන මණ්ඩලය ඒකමතිකව තිරණය කර තිබෙනවා.

 

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධුරයට මෙතෙක් කිසිවෙකුත් පත් කර නොමැති බවයි වාර්තා වන්නේ.

views

682 Views

Comments

arrow-up