සහරාන්ට පැනලා යන්න බදියුදින්ගේ සහෝදරයෙක් උදවු කරා – හිටපු හමුදාපති

සහරාන්ට බෝට්ටුවකින් ඉන්දියාවට පළායාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින්ගේ සහෝදරයෙක් උපකාර කල බව හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසනවා.
යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය තමන්ව ඒ පිලිබදව දැනුවත් කල බවයි හිටපු හමුදාපතිවරයා පවසන්නේ.
තමන් සහරාන්ලා ගැන දැනගත්තේ යාපනය ආඥාපති වී සිටින කාලසීමාවේදී බවයි ඔහු සදහන් කළේ.
මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීම, වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම ආදි සිද්ධිවලට සහරාන් හෂීම් සම්බන්ධ බවත් පාස්කු ප්‍රහාරයට පෙර වසර කිහිපයක ඉඳලම යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක විසින් යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේදි, ආරක්ෂක කවුන්සිලයේදි මෙන්ම බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදීද කරුණු දක්වා තිබූ බවත් මහේෂ් සේනානායක මහතා පවසනවා.
එමෙන්ම සහරාන් හෂීම්ට බෝට්ටුවක් අධාරයෙන් ඉන්දියාවට පළායාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාගේ සහෝදරයෙක් උපකාර කර තිබු බවට වූ යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුර පිලිබදව ජාතික බුද්ධි ප්‍රධානියාව දැනුවත් කල බවයි ඔහු සදහන් කළේ
816 Views
Comments