කොලොස්ටරෝල් බෙහෙත් දැනගෙන බොන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

කොලොස්ටරෝල් බෙහෙත් දැනගෙන බොන්න

කොලොස්ටරෝල් බෙහෙත් දැනගෙන බොන්න

බහුල රෝගී තත්වයක් වෙන කොලෙස්ටරෝල් ලෙස හඳුන්වන්නේ අප ගන්නා ආහාරවලින් හා අක්මාව මගින් නිපදවන මේද ද්‍රව්‍යයක්. ශරීරය නිරෝගීව පවත්වාගෙන යාම සඳහා යම් ප්‍රමාණයක කොලෙස්ටරෝල් ශරීරයට අවශ්‍ය වෙනවා. රුධිරය පරිවහනය කරන ප්‍රෝටීන් සමඟ සංයෝජනය වන මේවා මේද ප්‍රෝටීන් ලෙස හඳුන්වනවා. ඝනත්වයෙන් යුත් මේද ප්‍රෝටීන රුධිර නාලවල තැන්පත් වීමෙන් අහිතකර ප්‍රතිපල ශරීරයට ඇති කරනවා. රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වූ විට රුධිර නාළ තුළ කොලොස්රෝල් තැන්පත් වීමෙන් රුධිර නාළ සිහින් වී එම රුධිර නාළ මගින් රුධිරය සපයන අවයව වල රුධිර සැපයුම අඩු කරනවා. එමගින් මොළයට හෘදය වැනි ප්‍රධාන අවට රුධිර සැපයුම අඩු වෙන්න පුළුවන්. මේ තත්ත්වය හේතුවෙන් අඩු වයසින් හෘදයාබාධ ආඝාත තත්ත්වයට ඇතිවන්න පුළුවන්.

යම් කෙනෙකුට හෘද හෝ රුධිර රෝග ඇතිවීමේ අවදානම වැඩි නම් හෝ ඉහත සඳහන් කළ කොලෙස්රෝල් වැඩි වීමට ඇති අවදානම වැඩි නම් ඔවුන්ද කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය නිතර මැන බැලීම සිදු කළ යුතුවෙනවා. ඉක්මන් ප්‍රතිකාර අවශ්‍ය වන්නේ හෘද හා රුධිර නාල ආශ්‍රිත රෝග ඇති වීමේ අවදානම වැඩි පුද්ගලයන්ට පමණයි.

සාමාන්‍යයෙන් අධික කොලස්ටරෝල් තත්ත්වය සඳහා බහුල ලෙස භාවිතා කරන ස්ටැටින් කාණ්ඩයේ ඖෂධයි. මෙම කාණ්ඩයට අයත් ඖෂධ වන්නේ ඇටොවොස්ටැටීන්, සිම්වාස්ටැටින්, රොසුවාස්ටැටින් වැනි ඖෂධ. මේ ඖෂධ ශරීරය කොලෙස්රොල් නිෂ්පාදනය සඳහා ඉවහල් වන එන්සයිමයක කාර්ය වැලැක්වීම මගින් රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරනු ලබනවා. මෙම ඖෂධය දිනකට වරක් පමණක් භාවිතා කිරීමට නියම කරන අතර මේවා ලබා ගැනීමට සුදුසු කාලය වන්නේ හවස 5-6 අතර කාලයයි. නමුත් මේ වෙලාවට ගැනීමට අමතක වුවහොත් රාත්‍රියේ ගැනීමේ කිසිදු වරදක් නැති බව වෛද්‍ය නිර්දේශයයි. ස්ටැටින් කාණ්ඩයේ ඖෂධ මඟින් රුධිරයේ අහිතකර කොලෙස්රෝල් වන LDL මෙන්ම හිතකර ට්‍රයිග්ලිසරයිඩ් ද අඩු කරනවා. ඔබගේ හෘද හා රුධිර නාල නාලය ආශ්‍රිත රෝග සෑදීමේ අවදානම වැඩි යැයි වෛද්‍යවරයා නිගමනය කර ඇත්නම් උපදෙස් මත ලබා දෙන ඖෂධ නිසියාකාරව ලබා ගැනීම අවශ්‍ය වෙනවා.

ඉහත කරුණුවලට අමතරව දුම් බීම නැවැත්වීම මත්පැන් පානයෙන් වැළකීම සෞඛ්‍ය ආරක්ෂිත සමබල ආහාර වේලක් ලබා ගැනීම ශරීරයේ බර පාලනය කර ගැනීම ව්‍යායාම වල නිරත වීම මගින් රුධිරගත කොලස්ටරෝල් පාලනය කරගත හැකි වෙනවා. මේ නිසා ඔබ ලබාගන්න කොලොස්ටරෝල් ඖෂධ ගැන වඩා සැලකිලිමත් වෙන්න.

 

 

 

 

 

 

by DIlki Shamani

views

1302 Views

Comments

arrow-up