ඇදුම මට්ටු කරන පිහිනීම
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

ඇදුම මට්ටු කරන පිහිනීම

ඇදුම මට්ටු කරන පිහිනීම

ඇදුම රෝගයෙන් පීඩා විඳින කාට උනත් බාල මහලු තරුණ භේදයක් නැතුව තහංචි බොහොමයක් පැනවෙනවා. ව්‍යායාම කෑම බීම ඉඳුම් හිටුම් මේ හැමදේකම ඔවුන්ට ගැටලුවක්. හතිය හා ඇදුම ඇති අයගේ ස්වාසනාලිකා පරිසරයේ ඇති විවිධ දෙයට අසාත්මික වීමෙන් ස්වාසනාල ඉදිමී නාළ සංකෝචනය වී හුස්ම ගැනීම අසීරු වෙනවා.

ඇදුම රෝගීන්ට දූවිලි සහිත පරිසරයේදී රෝගය උත්සන්න වෙනවා. තවත් පිරිසකට ව්‍යායාම කිරීමේදී රෝග උත්සන්න වෙනවා. ඕනෑම අයෙකුට ව්‍යායාම අවශ්‍යයි. ඇදුම රෝගීන්ටත් එය පොදුයි. මේ අයට ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට අනුව වඩාත් ගැළපෙන්නේ පිහිනීම වැනි ව්‍යායාමයන්. වැඩි දෙනෙකු සිතාගෙන ඉන්නේ ඇදුම රෝගීන්ට ජලය අගුණයි කියලා. ඒත් පිහිනීමෙන් රෝගය වැඩි වන්නේ නැහැ. සිරුරට ව්‍යායාමයක් ලැබෙනවා.

පිහිනන විට නාසය ඇත්තේ ජල මට්ටමට පොඩ්ඩක් ඉහළින් නිසා එම වාතය ජලය දූවිලි වලින් තොරයි. ඒ නිසා හුස්ම ගන්නා විට ස්වාසනාලිකා සංකෝචනය වී හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වන්නේ නැහැ. හුස්ම ගැනීමේ අපහසුතාවයකින් තොරව පිහිනීමට හැකි නිසා සිරුරට හොඳින් ව්‍යායාම ලැබෙනවා. පිහිනීමේදී සිරුරේ සන්ධිවලට පීඩනයක් එල්ල වන්නේ නෑ. ඒ නිසා ආතරයිටිස් වැනි රෝගී වැලදීමට තියෙන හැකියාවත් අඩුයි.

නමුත් පීනස රෝගීන්ට නම් දූවිල්ල වගේම තෙත ගතිය සුදුසු නැහැ. දුම්පානය සියලුම සෙම් රෝගීන්ට වගේම ඇදුම රෝගීන්ට අහිතකරයි. මදුරු දගර දුමත් මොවුන්ට ආසාද්මික වෙනවා. සීතල ස්වාසනාල වල ක්‍රියාකාරීත්වය අඩු කරනවා. එවිට දූවිලි ආදිය ස්වාස නාළිකා වලින් ඉක්මනින් ඉවත් කෙරෙන්නේ නැහැ. අගුණ ආහාරයක් ගත් පසු සමහරු උගුර කට පිච්චෙන උණු ජලය බීමට පුරුදුව සිටිනවා. එමගින් අපට ගන්නා ආහාරයෙහි ඇති අහිතකර තත්ත්වය අඩු කරන්න පුළුවන්ද කියන එක ගැන විද්‍යාත්මක සත්‍යයයක් නැහැ. සෑම විටම උණුවෙන් කෑම බීම ගැනීම හිතකරයි කියා රෝගී තුළ මතයක් තිබුණත් එය විද්‍යාත්මකව ඔප්පු වී නැති දෙයක්. ඒ වගේම එළවළු පලතුරු තෝරා ගැනීමේදී ප්‍රවේශම් වීමට වැඩි දෙනා පුරුදු වෙලා ඉන්නවා. කාබයිට් වැනි විවිධ රසායනික එළවළු පලතුරු වලට එක් කර ඇත්නම් ඒවා සෙම් රෝගීන්ට ආසාද්මික වෙන්න පුළුවන්. මේ නිසා ඇදුම රෝගීන්ට පිහිනීම වැනි ව්‍යායාම ව්‍යායාමයක නිරත වීම කිසිම ගැටලුවක් ඇති කරන්නේ නැහැ. එය ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයේ යහපතට තව තවත් ඉවහල් වෙනවා. ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙකුට ඇදුම රෝගී තියනවනම තියෙනවා නම් ඒ ගැන අනිසි බියක් ඇති කර ගන්න එපා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

810 Views

Comments

arrow-up