බීමතින් වාහනය පැදවූ සුපිරි නළුවාට අධිකරණයෙන් ලැබුණු තීන්දුව - වරදත් පිළි අරන්

ඔස්ට්‍රේලියානු නළුවෙකු සහ අධ්‍යක්ෂවරයෙකු වන සයිමන් බේකර් තමා බීමතින් රිය පැද වූ බවට වරද පිළිගෙන තිබෙනවා.
ඒ නිව් සවුත් වේල්ස් අධිකරණයකදී යි.
සයිමන් බේකර් හට බීමතින් රිය පැද වූ බවට චෝදනා එල්ලව තිබුණේ, ඉකුත් ජුලි 20 වැනිදායි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු, සිය නිවස අසල මාර්ගයකදී බීමත්ව සිටියදී හසු වූ බවයි.
පසුව ඔහු උසාවියේ පෙනී සිටීමෙන් පසු එම චෝදනාවෙන් නිදහස් කර ඇති බව සඳහන්.
එමෙන්ම සයිමන් බේකර් විසින්, තමන් බීමත්ව රිය පැද වූ බවට පිළිගෙන ඇති බවත් එය ඔහුගේ පළමු වරද වන බවත් වැඩිදුරටත් සඳහන් වනවා.
229 Views
Comments