ප්‍රියංකා චොප්රාගේ සොහෝයුරා ඉන්දීය සුපිරි නිළි නීලම් උපාධ්‍යා සමඟ අතිනත ගනියි (PHOTOS)

ප්‍රියංකා චොප්රා ගෙවුණු දවසක මුම්බායිවලට ඇවිත් තිබුණා.
මුම්බායි කියන්නෙ ප්‍රියංකාට අළුත් තැනක් නොවුණත්, දැන් ඈ එහෙට අමුත්තෙක් වෙලා.
ප්‍රියංකා එහෙම ඇවිත් තිබුණෙ සිය සහෝදරයා වන සිද්ධාර්ත් චොප්රාගේ පූර්ව විවාහ උත්සවය වෙනුවෙන්.
ඔහු විවාහ වුණේ තෙළිඟු චිත්‍රපට නිළියක වන නීලම් උපාධ්‍යා එක්ක.
සම්ප්‍රදායික හින්දු චාරිත්‍රවලට මුල්තැන දුන්නු සිද්ධාර්ත් - නීලම් දෙන්නගෙ මුදු හුවමාරුවට පවුලේ සමීපතම පිරිස් සහභාගීව උන්නු අන්දම දකින්න ලැබුණා.
සිද්ධාර්ත් මීට පෙර, ඒ කියන්නෙ 2019 වසරේ පෙබරවාරි මාසයේදී ඉෂිතා කුමාර් එක්ක විවාහ ගිවිසගෙන සිටි නමුත්, ඒ වසරේ ම ජුනි මාසයේදී දෙන්නා සිය විවාහ ගිවිස ගැනීම නවතා දැමූ බවයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තා කළේ.
3850 Views
Comments