“දුවේ, ලෝකය දිනන්න ඕන කොලිටීස් ඔක්කොම උඹට තියෙනව” - රන් පදක්කම් අටක් දිනා පළමු පෙළ සාමාර්ථයකින් නිදහස් අධ්‍යාපනයට ගෞරව කළ කුමුදුමාලී

''කුමුදුමාලී ඩබ්ලිව්. යූ. '' මේ නම හරි අපූරුවට කියවෙනවා ඇහෙනකොට, නමෙහි හිමිකාරියව දන්නා නොදන්නා කාගෙත් හදවතට සියුම් ආඩම්බරයක් දැනුනු බව විශ්වාසයි.
සමාජ මාධ්‍යයේ එහා මෙහා යන ඔබ අනිවාර්‍යයෙන්ම මදකට නතර වෙන්න ඇති, උදේනි කුමුදුමාලී නම් පේරාදෙණි සරසවි දියණිය සිය උපාධිය ලබාගන්නා වීඩියෝව ළඟ.
උපාධියක් ලැබීම විශේෂ කාරණාවක් වෙන තැන, ඇය සිය උපාධි සිහිනය සුවිශේෂී එකක් බවට පත්කරගෙන තිබුණේ රන් පදක්කම් අටක් එක්ක පළමු පෙළ සාමාර්ථයකින් උපාධිය සම්පූර්ණ කරමින්.
ඒ ගමන කොහෙත්ම සරල එකක් නොවුණු වග ඕනෑම කෙනෙක් දන්නා දෙයක්.
නමුදු, කුමුදුමාලී සිය නොසැලෙන අධිෂ්ඨානය, ශක්තිය සහ විශ්වාසය එක්ක ඇගේ නමට වටිනාකම් රැසක් එක්කාසු කරගන්නේ, නිදහස් අධ්‍යාපනයට උපරිම ගෞරවය ද ලබාදෙමින්.
සරසවිය සිහිනයක් කරගත් දරුවො කාටත්, ''කුමුදුමාලී W.U.'' මහත් ආදර්ශයක් බවත් නොකියාම බෑ.
ඇය ලද සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව සමාජ මාධ්‍යයේ තබා ඇති සටහන් රැසකි. ඒ අතර විශේෂඥ වෛද්‍ය ලක්මාල් කුලසේකර තබන ලද සටහනයි මේ....
''කුමුදුමාලී.....ඩබ්ල්යු යූ.....
මේ වීඩියෝව විනාඩි 3 තත්පර විසිහයයි. මේ වෙනකොට ලංකාවෙ ඕන කෙනෙක් මේක බලල තියෙන්න ඕන.
කුමුදුමාලී ඩබ්ල්යු යූ....මේ නම ඒ ආචාර්යවරයා අතින් කියවෙනකොට ඇඟ හීතල වෙලා යනව...
මහවැලිගම කියන ඈත පිටිසර ගමකින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇවිත් රන් පදක්කම් අටක් එක්ක පළමු පෙළ සාමාර්ථයක් එක්ක උපාධිය ගන්නව කියන්නෙ ලේසි පාසු වැඩක් නෙවෙයි...
භාෂාවෙ ප්‍රශ්න...
ආර්ථික ප්‍රශ්න...
ගැහැණියක් වීමේ ප්‍රශ්න...
දක්ෂයෙක් වීමේ ප්‍රශ්න...
කුමුදුමාලීට නොතිබුණා නම් තමයි පුදුමේ...
මා ඇයගෙ ෆේස්බුක් පිටුව බැලුව...
එතකොටයි මා තේරුම් ගත්තෙ,
ඇය මේ දේ නොකලා නම් තමයි පුදුමේ...
හරිම ආකර්ෂණීය ෆේස්බුක් පිටුවක්...
මා ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්ම...
තත්පර ගාණකින් Approved...
Very responsive !
ඇය මිතුරියක් වෙන්න ඕන චරිතයක් !
ලංකාවෙ ජනප්‍රිය වෙන එක සරලයි...
කොටට ගවුමක් ඇඳගෙන පස්ස වනල ටික්ටොක් එකක් කරපං...
උදේ ඇඳෙන් නැගිට්ට ගමන් කුණුකෙල පිටින් කුණුහරුප ටිකක් කියල වීඩියෝවක් කරපං...
ඒ දෙකම බැරිනං මොකක් හරි වැරැද්දක් හොයාගෙන දේශපාලකයන්ට බැණ බැණ පෝස්ටුවක් ලියපං...
නැත්නං අමාරුවෙන් රටකට පැනගෙන ලංකාව ගැන හුදී ජන පහන් සංවේගයෙන් හිම ගැන පෝස්ට් කෑම බිල් ගැන පෝස්ට් දාපං...
ඇයි ? ලංකාවෙ කොලිටි පොසිටිව් කන්ටෙන්ට් වලට ආකර්ෂණය අඩුයි...
ඒත්, මේ මුකුත් නැති කුමුදුමාලී ඩබ්ල්යු යූ....ගැන කියවෙන වීඩියෝව දහස් ගණනින් ෂෙයාර් වෙනව...
ඇයි ඒ ?
ඒ මහවැලිගමෙන් ආපු පුංචි කෙල්ලගෙ මහා ආකර්ෂණීය පෞරුෂය හින්ද...
ඇයගෙ උපාධිත් එක්ක රන්පදක්කම් එක්ක ඒ සුන්දර පෞරුෂය වෑහෙනව...
ඇයගෙ සමාජමය ස්මාර්ට් බව ඉතිරෙනව...
අපේ රටේ නැතිම දේත් ඒක තමයි...
උගත්තු හිටියට ස්මාර්ට් උන් නෑ...
උගත්තු හිටියට බය නැති උන් නෑ...
කුමුදුමාලී ඩබ්ල්යු යූ වෙනස් වෙන්නෙ එතැන...
මේ ඔක්කොටම වඩා ඇයගෙ පෝස්ටුවක තියෙනව "Hats off to Free Education" කියල...
ආන්න, කෘතවේදී බව ! මාරයි !
ආදරණීය කුමුදුමාලී ඩබ්ල්යු යූ...
ආදරණීය දුවේ !
ලෝකය දිනන්න ඕන කොලිටීස් ඔක්කොම උඹට තියෙනව...
ලෝකය දිනන්න...
අපෙ රටටත් වැඩක් කරන්න...
මා ඉල්ලන්නෙ එච්චරයි !
උඹේ වීඩියෝව මා මගෙ දරුවන්ටත් පෙන්නුව !
ලංකාවෙ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ටත් පාසල් ශිෂ්‍යයන්ටත් මගෙ දරුවන්ටත් උඹ Inspiration එකක් වේවා !
මගෙ ප්‍රාර්ථනය එච්චරයි !
ආදරණීය මිත්‍රවරුනි,
මේ තමයි ලාංකීය නිදහස් අධ්‍යාපනයෙ අග්‍රඵලය...
මේ දුප්පත් රටේ ඕනම කොණක ඉන්න දරුවෙකුට අවස්ථාව හදන ලස්සන සිස්ටම් එක...
සමහරු මේ රට මොනාද දුන්නෙ කියල අහන ගොබ්බ ප්‍රශ්න වලට උත්තරය තමයි
කුමුදුමාලී ඩබ්ල්යු යූ....
නිදහස් අධ්‍යාපනය දිනේවා !
විශේෂඥ වෛද්‍ය ලක්මාල් කුලසේකර
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
ප.ලි - මගෙ කිසි පෝස්ටුවක පට්ටම් දාන්නෙ නෑ. මේකෙ දැම්මෙ කුමුදුමාලී ට ගෞරවයක් හැටියට...
අනිත් කාරණාව - කුමුදුමාලී ගෙ පෞරුෂය නොනසා ඈ ඉවසා ඈ මෙතැනට ගෙන ආ පශූ වෛද්‍ය පීඨයේ ආචාර්ය මණ්ඩලයටත් ගෞරවයක් හැටියට...''
949 Views
Comments