“යාළුවෝ දන්නෙ නෑ, අලු‍ත් සහ පරණ වගකීම්වල බර...” - නිළි තරින්දි කියූ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

“යාළුවෝ දන්නෙ නෑ, අලු‍ත් සහ පරණ වගකීම්වල බර...” - නිළි තරින්දි කියූ කතාව

“යාළුවෝ දන්නෙ නෑ, අලු‍ත් සහ පරණ වගකීම්වල බර...” - නිළි තරින්දි කියූ කතාව

වර්තමානයේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න නළු නිළියන් අතර තරින්දි ප්‍රනාන්දු කියන නම හරි විශේෂයි.

 

ඇය මේ වෙද්දි ගොඩනඟාගෙන ඇති වෘත්තීය වටිනාකම ඊට ලොකු හේතුවක්.

 

දක්ෂතාවය, ජනප්‍රියත්වය එක්ක සාර්ථක ගමනක් යන ඈ ආකර්ෂණීය තාරකාවක් කිව්වොත් හරි.

 

තිරයේ වගේම සමාජ මාධ්‍ය තුළත් සක්‍රීය තරින්දි නිතර කතාබහට ලක්වන තරු අතරෙ උඩින්ම ඉන්නවා.

 

 

එහෙම කතාබහට ලක්වන ඇය සිය ෆේස්බුක් පිටුවට උපුටා දක්වා තිබූ සටහනක් අපේ ඇස ගැටුණා.

 

ඇය මේ කියන්නේ කාටත් හරි වටින කතාවක්....

 

''පවුලේ කට්ටිය දන්නෙ නෑ ඔයාගේ ජොබ් එකේ බිස්නස් එකේ ඔයාට මුහුණ දෙන්න වෙන පීඩනය ගැන...

ඔයාගෙ ඔලුවෙ තියෙන stress එක ගැන...

ඔයාගේ ජොබ් එක දන්නෙ නෑ ඔයාගේ පවුලේ සහ ගෙදර තත්වය...

ඔයාගේ යාළුවෝ දන්නෙ නෑ ඔයා මත තියෙන අලුත් සහ පරණ වගකීම් වල බර...

ඒ කියන්නේ ඔයා තරම් ඔයා ගැන දන්න කවුරුත් නෑ...

ඒ නිසා මොනව වුණත් ඔයා ඔයා ගැන බලාගන්න.

ඔයාව පරිස්සම් කරගන්න...

ඔයාව මනසින්, කායිකව, financially දියුණු කරගන්න...

ඒක නවත්තන්න එපා කවදාවත්!

උපුටාගැනිමකි...''

views

611 Views

Comments

arrow-up