“අඬන් නැතුව බලන්න බෑ.. මං දෙවිවරු දැකලා නෑ” - ශලනි තාරකාගෙන් සංවේදී කතාවක්

''පිකාචු''
මේ මොහොතෙත් සමාජ මාධ්‍යයේ සැරිසරන බොහෝදෙනා වේදනාවෙන් පසුවන්නේ, ''පිකාචුගේ'' වියෝව ගැන.
අපිත් ඔබට ඒ ගැන කිව්වා මතක ඇති.
මේ ලෝකේ ආදරණීයම හිත් ඇත්තෝ තමයි සුරතලුන්. ඒ අතුරින් මහ මඟ අහිංසක ජීවිතයකට වටිනාකමක් දෙන්න හිතෙන්නෙ එහෙමත් කෙනෙක්ට.
ආදරණීය පිකාචුට ලැබෙන්නෙ එහෙම හිත් ඇති හිමිකාරියක්.
මේ ඇය ගැනත්, පිකාචු ගැනත් තැබෙන සටහන් අතරෙ ජනප්‍රිය නිළි ශලනි තාරකා තැබූ සටහන...
''අඩන්නැතුව බලන්න බැරි video එකක්
සත්තුත් එක්ක බැදීම් තියෙන අය විතරයි මේ හැගීම දන්නේ...
මං දෙවිවරු දැකලා නෑ
හැබැයි සමහර මිනිස්සු ඇතුලේ දෙවිවරු දකිනවා.
මේ පුංචි කෙල්ලත් ඒ වගේ.
පිකාචු ඔයාට සුවබර නින්දක්
ආයේ කවදාවත් ඔයාට මෙහෙම කරපු අමුනුස්සයන් හමුනොවේවා. ''
861 Views
Comments