ටොම් කෲස් ගේ දියණියට දැන් අවුරුදු 18යි - එයාට ලැබුණු ප්‍රසිද්ධිය බලන්නකෝ (PHOTOS)

හොලිවුඩ් චිත්‍රපටවලට ආදරය කරන ගොඩ දෙනෙක්ගේ හිත හොරාගත්ත නලුවෙක් තමයි ටොම් කෲස් කියන්නේ.
විශේෂයෙන්ම ඔහුගේ මිශන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාව, ටොම්ට ලොකු රසික ආදරයක් දිනා දෙන්න සමත් වුණා.
ටොම් කෲස් සහ තවත් දක්ෂ හොලිවුඩ් නිළියක් වන කේටි හෝම්ස් එක්ක කාලයක් විවාහ වෙලා හිටියා. මේ දෙන්නට ඉපදුන පුංචි දුව තමයි සර්රි කෲස්.
ලෝකයේම ජනප්‍රිය දෙමව්පියන්ගේ තරු දරුවෙක් වුණ සර්රි අද ඇගේ 18 වෙනි උපන් දිනය සමරනවා.
හැබැයි අනිත් තරු දරුවෝ වගේ නෙමයි සර්රි හරිම සාමාන්‍ය ළමයෙක් විදිහට උස් මහත් වෙලා තියෙනවා කියලයි විචාරයෝ කියන්නේ.
විශේෂයෙන්ම සර්රි ගේ මව , කේටි හෝම්ස්, ටොම් කෲස් ගෙන් දික්කසාද වුණාට පස්සේ, කේටි තමගේ දියණියව අමෙරිකාවේ නිව් යොර්ක් නුවර පදිංචි වෙලා ඉන්න ගමන්, හරිම සාමාන්‍ය දරුවෙක් විදිහට සමාජ ගත කරන්න වැඩ කරලා තියෙනවා.
හැබැයි ඉතින් තවමත් හොලිවුඩ් නිර්මාණ එකකටවත් එකතු වෙලා නැති මේ ලස්සන හැඩකාරිය කොහේ ගියත් පැපරාසීන්ගේ ඇස ගැටෙනවාලු.
විශේෂයෙන්ම කේටි හෝම්ස් ගොඩාක් ජනප්‍රිය වුණ 'ඩෝසන්ස් ක්‍රීක්' (1998 සිට 2003 දක්වා) කතා මාලාවේ රඟපානකොට තිබ්බ පෙනුම දැන ඇගේ දුව සර්රි කෲස් ට තියෙනවා කියලයි ගොඩ දෙනෙක් කියන්නේ.
469 Views
Comments