ඒ දෙන්නට දැන් අවුරුද්දයි - පළවෙනි උපන්දිනය සැමරූ බුවීගේ පුංචි පැටව් දෙන්නා (PHOTOS)

අම්මා - තාත්තා කියන උතුම් පදවියට තමන් උරුමකම් කියන්න වාසනාවන්ත වෙලා කියලා දැනගත්තාම, ඕනිම කෙනෙක් ඊළඟට ඉවසිල්ලක් නැතිව මඟබලාගෙන ඉන්නෙ අලුත් අමුත්තා දුවෙක් ද පුතෙක් ද කියලා දැනගන්න.
එහෙම බලාගෙන ඉන්න මොහොතක දුවෙකුයි, පුතෙකුයි දෙන්නෙක් ම එන්න ඉන්නවා කියලා දැනගත්තාම...
ඒක වචන කරන්න බැරි තරම් සතුටක් විත්තිය අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ නේද.
ජනප්‍රිය නිළි බුවිනි ඒ අප්‍රමාණ සතුට හදවතින් ම විඳගත් මවක්.
ඈ එහෙම උතුම් මව් පදවියට උරුමකම් කියලා දැන් අවුරුද්දක්.
ගෙවුණු අප්‍රේල් 15ට බුවීගේ ලෝකෙ සරසන්න ආව සුරඟන පැටව් දෙන්නට අවුරුද්දක් පිරුණා.
මේ ඉන්නෙ අක්කයි මල්ලියි.
අක්කි බබා 'ශ්වේනා ෆෙයාලි'
එතකොට මල්ලි බබා 'ශ්වෝන් අග්‍රත්'
ඔන්න ඉතින්, ශ්වේනා - ශ්වෝන් පැටව් දෙන්නා උපන්දිනය සමරලා තිබුණේ මෙන්න මේ විදියටයි.
1134 Views
Comments