මලයාලම් සිනමාව හැඩකළ සුරූපිණිය අපර්ණා යුගදිවියට (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

මලයාලම් සිනමාව හැඩකළ සුරූපිණිය අපර්ණා යුගදිවියට (PHOTOS)

මලයාලම් සිනමාව හැඩකළ සුරූපිණිය අපර්ණා යුගදිවියට (PHOTOS)

'Aparna Das'' කියන්නෙ මලයාලම් සිනමාවේ නම දිනූ තාරකාවක්.

පහුගිය දවසක (24) ඇය සිය ජීවිතයේ සුවිශේෂීම පරිච්ඡේදයක් ආරම්භ කරලා තිබුණා.

ඒ, 'Deepak Parambol' සමඟ අතිනත ගනිමින්.

දීපක් පරම්බෝල් කියන්නෙත් මලයාලම් සිනමාවේ ම රංගන ශිල්පියෙක්.

අපර්ණා දාස් මලයාලම් සිනමාවේ වගේම දමිළ සිනමාවේත් දක්ෂතා පෙන්වූ සුරූපි තාරකාවක් හැටියට අපේ රටේ සිනමා රසවතුන් අතරත් වඩාත් ප්‍රකටයි.

අපර්ණා වඩාත් කතාබහට ලක්වූයේ, ‘Dada’ සිනමා සිත්තම එක්ක. එතකොට දීපක් වඩාත් ප්‍රසිද්ධ වූයේ ‘Manjummel Boys’ හරහා.

 

ඉතින් මේ විදියට කලාවේ සොඳුරුතම හමුවීම සමරන්න දෙදෙනාගේම පවුලේ උදවිය, සමීපතම මිතුරන් සහ සිනමා තරු ද එක්කාසු වෙලා.

විවාහ උත්සවය චාරිත්‍රානුකූලව පැවැත්ව තිබුණේ, කේරළයේ ජනප්‍රිය ගුරුවායුර් කෝවිලේදී. ඒ පවුලේ උදවිය සහ සමීපතම කිහිපදෙනෙක් සමඟ.

අපර්ණා - දීපක් විවාහය සාම්ප්‍රදායික කේරළ චාරිත්‍රවලට මුල්තැන දී පැවැත්වුණු තරු මංගල්‍යයක් කිව්වොත් හරි.

දෙදෙනාගේ ප්‍රේම කතාව වසර කිහිපයක් තිස්සේ පැවති බවයි ආරංචිය.

ඔවුන්ගේ හමුවීම මලයාලම් සිනමා පටයක් වන 'මනෝහරම්' හි රූගත කිරීම් අතරතුර වූ බව සඳහන්.

ඒ කියන්නේ, මේක මිත්‍රත්වයක් ප්‍රේම කතාවක් ව විවාහය දක්වා ගිය අපූරු ගමනක්.

 

 

 

 

views

115 Views

Comments

arrow-up