සඳක් වෙලා තරුණයින්ගේ හදවත් සොරකම් කළ සුරූපී “සනා” - ඔයත් තාම ඒ ලස්සන බැලුවෙ නැද්ද (PHOTOS)

මේ දවස්වල ෆේස්බුක් ගියත්, ටික්ටොක් ගියත්, විශේෂයෙන් ම යූ-ටියුබ් පැත්තෙ ගියත් නිතර ඇහෙන වචන ටිකක් තියෙනවා.
වචන විතරක් නෙවෙයි, හදවතට අතීත රහක් කැන්දන මියුසික් එකක් ඇහෙන්න ගන්නවා.
එතනිනුත් එහාට ගිහින් ඇහැ පිනවන ඩාන්ස් එකක් දකින්න ලැබෙනවා.
ඒ සේරම අරන්, 'තරුණයින්ගේ' හදවත්වලට ගොඩවුණු ඈ නමින් ''සනා''
සනාගේ ''සඳක් වෙලා මනරම්'' මේ දවස්වල 'පිස්සුවක්' තරමට රසික හදවත් වැළඳගෙන කිව්වොත් හරි.
''සඳක් වෙලා මනරම්
පහන් කල ඇලෙන් දොලෙ මුදු මල්
මදක් පමා නොවියන්
පුදන්නකො වෙදැඟිල්ලේ මුතු රන්..''
ගීතය එළියට ඇවිත් තවම දවස් 5ක් වගේ. නමුත් ඊට ලැබෙන ප්‍රතිචාර !!
ගීතය මේ වෙද්දිත් යූ-ටියුබ් හි 1.1M නැරඹුම් වාර හිමිකරගෙන.
1086 Views
Comments