සමාජ ජාලා කැළඹූ හිටපු ඇමති හරින්ගේ ක්ලබ් සිද්ධියේ වීඩියෝ දර්ශන මෙන්න (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
31

සමාජ ජාලා කැළඹූ හිටපු ඇමති හරින්ගේ ක්ලබ් සිද්ධියේ වීඩියෝ දර්ශන මෙන්න (VIDEO)

සමාජ ජාලා කැළඹූ හිටපු ඇමති හරින්ගේ ක්ලබ් සිද්ධියේ වීඩියෝ දර්ශන මෙන්න (VIDEO)

හිටපු සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කොළඹ CH & FC සමාජ ශාලාව තුළ බහින් බස්වීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

 

එය බිලී ප්‍රනාන්දු ප්‍රමුඛ 2Forty2 සංගීත කණ්ඩායම සහභාගී වූ ප්‍රසංගයක් අතරතුරු සිදුවී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

 

ඊට සහභාගී වූ ටපු අමාත්‍යවරයා එම ස්ථානයේ දී ද මත්පැන් පානය කර ඇති බව සඳහන්.

 

ඉන් අනතුරුව සංගීත කණ්ඩායමට දන්වා ඇත්තේ තමන්ටද ගීතයක් ගායනා කිරීමට අවස්ථාව දෙන ලෙසයි.

 

කෙසේ වෙතත් ඊට එම කණ්ඩායමේ සාමාජිකයන් විසින් එය ප්‍රතික්ෂේප කර කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

 

ඉන් අනතුරුව හරීන් ප්‍රනාන්දු මහතා විසින් එහි සිටි පිරිසට පරුෂ වචනයෙන් බැන වැදී ඇති බවත් තාක්ෂණ ශිල්පියාට

 

එහි සිටි ආරක්ෂකයින් විසින් ඒ මහතාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

 

කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

 

 

views

246 Views

Comments

arrow-up