“මගේ අවසන් ගීත කිහිපය ඉදිරි මාස දෙක තුළදී” - රවී ලංකාවට ආයුබෝවන් කියයි? (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

“මගේ අවසන් ගීත කිහිපය ඉදිරි මාස දෙක තුළදී” - රවී ලංකාවට ආයුබෝවන් කියයි? (PHOTOS)

“මගේ අවසන් ගීත කිහිපය ඉදිරි මාස දෙක තුළදී” - රවී ලංකාවට ආයුබෝවන් කියයි? (PHOTOS)

රවී රොයිස්ටර් ගැන පහුගිය කාලයේ පිට පිටම වාගේ කතාබහට ලක්වෙන්න ගත්තා.

 

ඊට එක හේතුවක් වුණේ, ලොව සුප්‍රසිද්ධ සංගීත සන්නාමයක් වන Think Music India එක්ක රවී රොයිස්ටර්ගේ පළමු දමිළ ගීතය එළිදැක්වීම.

 

පසුව පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවය එක්කත් රවී ගැන කතාබහක් ඇති වුණා.

 

ඒ අන් කිසිවක් නිසා නෙවෙයි, පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කැමැත්ත අනුව රවීගේ ''හමාර බණවර'' යළි ගායනා කිරීම නිසාවෙන්.

 

 

එහෙම කාගෙත් කතාබහට ලක්වුණු ඔහු ගැන ඔන්න ආයෙම කතා කරන්න පටන් අරන්.

 

ඒකට හේතුව වුණේ ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත එක්කාසු කර තිබූ මෙන්න මේ සටහන....

 

''මේ ගතවෙන්නේ මගේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ අවසන් මාස කීපයයි.

මන්දයත් මා ඉගෙනගත් අවංක විෂය මේ ක්ෂේත්‍රයේ නොමැති නිසාවෙනි.

කලාව යනු කුහකත්වයවත් , ඊර්ෂ්‍යායවවත් ,අනෙකාව කෙටවීමවත් නොවෙයි , කලාව යනු ආදරයයි.

ඒ ආදරයට මිලක් නියම කළ නොහැකිය.

මිල නියම වනුයේ තමන් කොතෙක් දුරට ඒ සංගීතයට අවංක ආදරය දක්වන විලාසය අනුවය.

ඇත්තටම මේ රටේ සංගීත ක්ෂේත්‍රය පිළිබඳ මට ඇත්තේ ඉතා දැඩි කලකිරීමකි.

ගායකයන් සංගීත ශිල්පීන් පිල් බෙදී ඇත.

එකෙක් අනෙකාගේ වැරදි අනෙකාට පවසයි. ඔවුන් ඒ තුළින් මම මාර වැඩක් කරා , අරූට මම කෙලෙව්වා , අරූට කෙලවනවා, අරව සින්දු ද බං අරූ මෙච්චර ගානක් ගන්නවා , අයියෝ අරූව මට කොට ගානකට ගේන්න පුළුවන් මෙයයි අපේ සංගීත ක්ෂේත්‍රය.

කලාව තුළින් අප්ඩේට් නැත. අනිත් *** වැඩ තුළින් අප්ඩේට් එක ඉහළයි. තවත් කීමට එමටයි.

මගේ අවසන් ගීත කිහිපය ඉදිරි මාස දෙක තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි.

මම කාගේවත් ගීතයක් විකුණාගෙන කෑවේ නැත.

විකුණාගෙන කන්න තරම් මට අහේනියක් ද නැත.

අලුත් රටක අලුත් සංගීතයකින් නැවත හමුවෙමු.

ස්තුතියි. මගේ රටට ආදරෙයි

Ravi Royster

Success shines brightest when shared, envy dims its glow. Let's celebrate each other's victories rather than dwell in gossip's shadow.

 

views

501 Views

Comments

arrow-up