අසරණ පිළිකා රෝගීන්ට පරිත්‍යාගශීලීන් දන්දෙන හිසකෙස් මුදලට විකිණීමේ ජාවාරමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

අසරණ පිළිකා රෝගීන්ට පරිත්‍යාගශීලීන් දන්දෙන හිසකෙස් මුදලට විකිණීමේ ජාවාරමක්

අසරණ පිළිකා රෝගීන්ට පරිත්‍යාගශීලීන් දන්දෙන හිසකෙස් මුදලට විකිණීමේ ජාවාරමක්

අසරණ පිළිකා රෝගීන්ට පරිත්‍යාගශීලීන් විසින් දන්දෙන හිසකෙස් මුදලට විකුණන බවට තරුණියක් මුහුණුපොතේ සටහනක් තබමින් චෝදනා කර තිබුණි.

 

එහිදී ඇය දක්වා තිබුණේ එම හිසකෙස් අධික මිල ගණන් යටතේ අලෙවි කරන බවටයි.


එලෙස දනදෙන හිසකෙස් නියත වශයෙන් පිළිකා රෝගීන්ට නොමිලේ ලැබෙන බවට තහවුරු කරගන්නා ලෙසද ඇය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා තිබුණි.


එම සටහන පහතින්, 

මේ මම අද යම් ආයතනයකට ගිය වෙලාවක දැක්ක දෙයක්.. 
පිළිකා රෝගීන් හට කියලා මෙයාලා මිනිස් ස්වභාවික හිසකෙස් විකුණනවා.

මේ මම දාලා තියන කොන්ඩෙ ටික රුපියල් 89510/= ( අසූනවදාස් පන්සිය දහයයි)  
මම දැකලා තියෙනවා අපේ ආදරණීය ගෑනු ළමයි සහ සමහර පිරිමි ළමයි තමන් ගොඩක් ආදරේ කරන ලස්සන කොණ්ඩෙ පිළිකා රෝගින් වෙනුවෙන් ආදරයෙන් දන් දෙන්නේ ඒ මූණට හිනාවක් එක් කරන්න.... අනේ කරුණාකරලා ඔයාලා හොයලා බලන්න ඒව පිළිකාරෝගීන් හට නොමිලේ ලැබෙනවාද කියලා...

එහෙම නැතිව තමන් ආදරේ කරන වටිනා කොන්ඩෙ කොහෙවත් යන මිනිස්සු සහාසික විදියට ආදායම් මාර්ගයක් ලෙස පාවිච්චි කරනවද කියලා....

 

views

173 Views

Comments

arrow-up