ජනප්‍රිය නිළි තරින්දි ආන්දෝලනාත්මක රංගනයක් සමඟ ළඟදීම සිනමා ප්‍රේක්ෂකාගාරයට (PHOTOS)

නව පරපුරේ දක්ෂ සහ ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර තරින්දි ප්‍රනාන්දු කියන්නෙ ඉහළින්ම කියවෙන නමක්.
නිර්මාණ රැසක් ඔස්සේ ඈ ලබාගෙන ඇති ජනප්‍රියත්වය අති මහත්.
ජනප්‍රියත්වයත් එක්කම දක්ෂතාවය මුහු වුණාම හරි අපූරුයි. තරින්දි කියන්නෙ එවන් අපූරු චරිතයක්, සොඳුරු රුවකටද හිමිකම් කියන...
තරින්දිගේ මෙතෙක් නොදුටු රංගන පරාසයක් නුදුරේදීම ඔබට දැකබලා ගන්න පුළුවන්.
ඒ මැයි 17 වැනිදා සිට තිරගත වීමට නියමිත “My red Comrade” සිනමා සිත්තමත් එක්ක.
චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා පැවැත්වුණා.
මේ ඊට තරින්දි සහභාගි වුණු ආකාරයයි...
“My red Comrade” මෙරට සිනමා ප්‍රේක්ෂකාගාරයට කලකට පසු වෙනස්ම අත්දැකීමක් තිළිණ කිරීමට සූදානම්.
සුදත් මහදිවුල්වැව විසින් රිදී තිරයට ගෙනු ලබන මෙය වැඩිහිටියන්ට සීමා වූ සිනමා නිර්මාණයක්.
චිත්‍රපටයේ කතා තේමාව එකිනෙකට වෙනස් පාරවල් දෙකකින්, එකිනෙකට වෙනස් පරම්පරාවල් දෙකක දෙදෙනෙක් එකම අරමුණක් වෙනුවෙන් හඹා යන අයුරු නිරූපණය කෙරෙන නිර්මාණාත්මක වෑයමක් බව සඳහන්.
තරින්දි ප්‍රනාන්දු සහ ආසිරි ඇල්ලගේ චරිත මවන මෙහි කතා සංකල්පය සහ තිර රචනයද සුදත් මහදිවුල්වැවගෙනි.
කැමරා අධ්‍යක්ෂණය රුවන් කොස්තා විසින්.
චිත්‍රපටයේ තවත් විශේෂත්වයක් නම්, “My red Comrade” එක්ක සුදත් මහදිවුල්වැව නම් සිනමාකරුවා දශක එකහමාරකට පමණ පසු යළි සිනමාව ආමන්ත්‍රණය කිරීමයි.
1195 Views
Comments