ඉගෙනගත් පාඩම් අමතකවීමේ වරදට දඩුවම් ලැබූ සිසුවාට නවතින්න වූ තැන

වවුනියාව සුන්දරපුරම් විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ පාසල් සිසුවෙකුට ගුරුවරයෙකු විසින් ඉතා අමානුෂීය අන්දමට පහරදීම නිසා එම සිසුවා පෙරේදා (03) වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.
පාසල නිමවීමෙන් පසුව එම සිසුවා ඉතා අපහසුවෙන් නිවසට පැමිණි පසුව ඔහුගේ තුවාල දැක දෙමව්පියන් හේතු විමසූ විට තමන්ට ගුරුවරයෙකු පහරදුන් බව සිසුවා දෙමව්පියන්ට පවසා තිබේ.
ගුරුවරයාගේ පහර කෑමට ලක් වූ සිසුවාගේ හිසට නළලට ඇසකට හා කම්මුලට තුවාල සිදුව තිබේ.
තුවාල ලැබූ සිසුවාගේ පියා ගුරුවරයාට දුරකතන ඇමතුමක් ලබා දී තම පුතාට පහරදීමට හේතුව විමසූ විට ඔහු පවසා ඇත්තේ කලින් දින උගන්වන ලද පාඩම් ඔහුගේ මතකයේ නොතිබූ නිසා පහරදුන් බවයි.
වවුනියාව සුන්දරපුරම් ගම්මානයේ වැසියන් පිරිසක් වවුනියාව කලාප අධ්‍යාපන කාර්යාලයට මේ පිළිබඳව පැමිණිලිකොට ඇති අතර වවුනියාව මහ රෝහලේ රෝහල් පොලිසියට ලද තොරතුරු මත පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.
493 Views
Comments