“තව ළමයි ඉන්නවා නම් මම හරිම ආසයි” - පොඩ්ඩො ටික ගැන හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ශාන්ගෙ බිරිඳ මංජුලා කියන කතාව (PHOTOS)

තිලකරත්න ඩිල්ෂාන්...
ලොව එතෙක් මෙතෙක් බිහිවූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් අතර ඩිල්ෂාන්, එහෙමත් නැත්නම් කවුරුත් ආදරේ කරන T M ඩිල්ෂාන්ට හිමිවෙන්නෙ සුවිශේෂී තැනක්.
මේ වෙද්දි ඔහු පිටියට සමුදී විවේකීව උන්නත්, ඔහුට ඇති ආදරය ආකර්ෂණය සහ ඔහු දිනූ ජනප්‍රියත්වයේ නම් කිසිදු අඩුවක් නෑ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුවිශේෂී සලකුණක් වූ ඩිල්ෂාන් පන්දුවට පහර දීම, පන්දු යැවීම, පන්දු රැකීම සහ කඩුලු රැකීම යන සෑම අංශයකම කැපී පෙනෙන දක්ෂතා ඇති ක්‍රීඩකයෙකුට දිය හැකි දුර්ලභ උදාහරණයක්.
සරලවම කිව්වොත් ඩිල්ෂාන් කියන්නෙම ආක්‍රමණශීලි ක්‍රීඩකයෙක්. සම්පූර්ණ පැකේජ් එකක්.
ඔහු හඳුන්වා දුන් ''Dilscoop'' ඊට කදිම නිදසුනක්.
කලක් මෙරට පුංචි තිරය හැඩ කළ මංජුලා තිළිණි එක්ක විවාහ වී ඉන්න ඩිල්ෂාන්ට තියෙනවා හරිම ආදරණීය පවුලක්.
කැන්ගරු දේශයේ වෙසෙන මේ ලස්සන පවුල පහුගිය දවසක දූ පුතුන් හැමෝමත් එක්ක ලංකාවට ආවා.
ලංකාවෙන් යද්දි උන්නු පොඩ්ඩො ටික දැන් හරි ලොකුයි.
ඉතින් ඇවිත් යන්න ආව ඒ ගමනෙදි ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් දරු සිව්දෙනා ගැන මංජුලා දැක්වූ අදහස් කිහිපයකි මේ.
''මේ ගොල්ලො හරිම සුන්දරයි. මට තව ළමයි ඉන්නවා නම් මම හරිම ආසයි.
දරුවො ලොකු වෙන්න ලොකු වෙන්න වගකීම් වැඩියි.
දරුවො කියන්නෙ අපි හරියට හැදුවෙ නැති වුණොත් ඒගොල්ලන් හරි අපරාදෙ.
හරියට නිදහස දීලා තියෙනවා මම මේ ගොල්ලන්ට.
ඒගොල්ලන්ගෙ සුන්දර අදහස් තියෙනවා.
එයාලගෙ ජීවිතේ එකකට කොටුවෙලා නෑ.
දෙමාපියන් කියලා අපි එයාලට ප්‍රෙෂර් කරන්න හොඳ නෑ.
එයාලට තියෙනවා, එයාලගෙම කියලා අදහස්. ආසාවල්.
ඉගෙනගන්නවා, එක්කෙනෙක් ක්‍රිකට් ගහනවා, එක්කෙනෙක් සිංදු කියනවා.
ඉතින් මම කියන්නෙ එයාලට එයාලගෙ අදහස් එළියට දාන්න දුන්නොත් මාර සුන්දර ළමයි.
ළමා ලෝකෙ කියන්නෙ මම ආස ම දේ මගෙ ජීවිතේ....''
1351 Views
Comments