ජුනි මස උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවෙයි

ජුනි මාසයේ උද්ධමනය සියයට 12ක් දක්වා අඩු වී ඇති අතර මැයි මාසයේ උද්ධමනය පැවතියේ සියයට 25යි දශම 2ක් ලෙසයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව ජුනි මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවී තිබේ
මැයි මාසයේ සියයට 21යි දශම 5ක් වු ආහාර කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේ දී සියයට 4යි දශම 1ක් දක්වා අඩු වී තිබීම කැපී පෙනෙන තත්ත්වයකි.
මෙහිදී සහල්, පොල්තෙල්, රතු ලූනූ, ලොකු ලූණු, වියළි මිරිස් සහ සීනි මිල ගණන් කැපී පෙනෙන ලෙස අඩු වී ඇති අතර එළවළු සහ පලතුරු කාණ්ඩයේද යම් මිල අඩු වීමක් ඉකුත් ජූනි මාසයේදී වාර්තා වී ඇති බව අදාළ වාර්තාවේ සඳහන් වේ.
මීට අමතරව මැයි මාසයේ සියයට 27ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේදී සියයට 16යි දශම 2ක් දක්වා පහත වැටී ඇති බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එම වාර්තාවේ සදහන් කරයි.
361 Views
Comments