IMF ණය ගැන අමාත්‍ය සියඹලාපිටිය අද කියූ දේ

අද උදෑසන රුවන්වැල්ලේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය මුදල පිළිබඳව ඇතිකරගත් එකඟතා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව 20 වනදා රාත්‍රියේ රැස් වන බවයි.
ඒ අනුව එදිනම රාත්‍රියේ ඒ පිළිබඳ නිල තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
එම එකඟතාවයන් පිළිබඳ වෙබ් අඩවියේ පළ කළ වහාම, ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සියලු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
එය බොහෝවිට ලබන සතියේ දී සිදු විය හැකි බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටි බව වාර්තා වේ.
297 Views
Comments