MAR
04
ණය ගැනීමට අවශ්‍ය සියලු කාරණා සපුරා ඇති බවට මහබැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කළ යුතු සියලු කාරණා මේ වන විට සම්පූර්ණ කොට ඇති බවට මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටී.
ඉතා ඉක්මනින්ම ලංකාවේ ආර්ථිකය සාමාන්‍ය තත්වයට ගත හැකි මාර්ගයක් හෙළිපෙහෙළි වනු ඇතැයි සුභාපේක්ෂණ පළ කරන ඒ මහතා, විනිමය අනුපාතය යහපත් වීම, උද්ධමනය පාලනය වීම, වෙළෙඳපොළ පොලී අනුපාතය තවදුරටත් අඩු වීම, රජයේ ආදායම ඉහළ යාම ආදී යහපත් ප්‍රවණතාවන් ගණනාවක් ඇතිවී තිබෙන බවද පෙන්වා දෙයි.
262 Views
Comments