FEB
25
රජය විසින් කළ යුතු ගෙවීම් වලින් 53% ක් ගෙවා අවසන් බව ඇමති සියඹලාපිටිය කියයි

රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, ආණ්ඩුව විසින් පියවිය යුතුව තිබූ ගෙවීම් වලින් 53 % ක ප්‍රමාණයක් ගත වූ මාස කිහිපය තුළ ගෙවා අවසන් කර ඇති බවයි. රුපියල් බිලියන 191 ක ප්‍රමාණයක් ඒ සඳහා වැය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් සඳහා ඉදිරියේදී සැලකිය යුතු මුදලක් ගෙවා නිම කළ යුතුව ඇති බවයි.
293 Views
Comments