ගත වූ සතියේ එළවළු මිලේ සීඝ්‍ර පහළ යාමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

ගත වූ සතියේ එළවළු මිලේ සීඝ්‍ර පහළ යාමක්

ගත වූ සතියේ එළවළු මිලේ  සීඝ්‍ර පහළ යාමක්

ගත වූ සතියේ අවසානයේ එළවළු මිල ගණන් වල පහළ යෑමක් දක්නට ලැබුණු බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ පුහුණු කිරීමේ ආයතනය ප්‍රකාශ කර සිටී.


ආර්ථික මධ්‍යස්ථාන රැසක කැරට් කිලෝවක තොග මිල  රුපියල්
120 ට වඩා අඩු අගයක් තිබීම විශේෂත්වයකි. ඉහළ මිලක පැවැති බෝංචි මිල ගණන්ද සති අන්තයේදී  රුපියල් 250කට අඩු අගයක් වාර්තා වී තිබේ. ආනයනික  ලොකු ලූනු  රුපියල් 95ත්  100ත්  අතර  මිලක පැවතුණු අතර ආනයනික අර්තාපල් 120කට  පමණ අලෙවි විය වැලිමඩ  දේශීය අර්තාපල් කිලෝවක රුපියල් 200ත් 210ත්  අතර සටහන් වී තිබුණි.

views

262 Views

Comments

arrow-up