ඉහළ ගිය විදුලි බිල හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය දැඩි අර්බුදයක
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

ඉහළ ගිය විදුලි බිල හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉහළ ගිය විදුලි බිල හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය දැඩි අර්බුදයක

විදුලි ගාස්තුව ඉහළ නැංවීමත් සමග, මෙරට ආර්ථිකයේ කොඳුනාරටිය බඳු ඇඟලුම් කර්මාන්තයේ ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ක අපනයන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට නොහැකි වී, ඇඟලුම් කර්මාන්ත වැසී යාමේ අවදානමක් එල්ල වී ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (FAAF) සඳහන් කරයි.

 

ඉකුත් 2022 ජුනි මාසයේ සිට සිදු කරන ලද 165% ක සමස්ත මිල වැඩිවීම සමගින් මෙම මිල වැඩි වීම, 31% ක වැඩි වීමක් බවද එම සංගමය පෙන්වා දෙයි.

 

මේ හේතුවෙන් විදුලිය නිසා නිෂ්පාදන පිරිවැය ආසන්න වශයෙන් 5% කින් ඉහළ ගොස් ඇතැයි ද එම සංගමය සදහන් කරයි.

 

මෙම සංගමයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත අදහස් දක්වමින් අනතුරු ඇඟවීමේ යෝජනාවලියක්ද ඉදිරිපත් කොට ඇත.

 

ලංකා විදුලිබල මණ්ඩලය විසින් අවශ්‍ය ප්‍රමාණයට වඩා විදුලි ගාස්තු ඉහළ නැංවීම,කාර්ය බහුල නොවන වේලාවන්හීදී  විදුලි ගාස්තු නැවත වරක් ඉහළ යාම ආදී කරුණු එමගින් පෙන්වා තිබේ.

 

එසේම, යෝජනා ලෙස පුනර්ජනනීය බලශක්ති සහ සූර්ය පැනල ක්‍රියාත්මක කිරීම් කඩිනම් කිරීම ආදිය එම සංගමය විසින් පෙන්වා දී ඇත.

views

283 Views

Comments

arrow-up