නිවස ඉදිකරනකොට මේවට ලෝභකම් කරන්න එපා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

නිවස ඉදිකරනකොට මේවට ලෝභකම් කරන්න එපා

නිවස ඉදිකරනකොට මේවට ලෝභකම් කරන්න එපා

නිවසක් ගොඩනගන්නේ ජීවිත කාලයම ආරක්ෂාකාරීව ජීවත් වෙන්න. එහිදී ලාභයට වඩා ආරක්ෂාව කල්පැවැත්ම සහ ශක්තිමත්භාවය ගැන මුල්තැන දියයුතු වෙනවා. අපි යම් යම් වෙලාවල් වලට සුළු සුළු ලාභ සලකන්න ගිහින් විශාල පාඩු කරගන්නවා. මේ ඒ පිළිබඳ සටහනක්.

ගුණත්වයෙන් ඉහල ටයිල් වර්ග වල මිල ටිකක් වැඩියි. නමුත් ඒවාගේ කල්පැවැත්ම ඉහළයි. මේ නිසා මිල ගණන් සසඳා බලා පමණක් ටයිල් වර්ග මිලදී ගන්න එපා. ඒවායේ කල්පැවත්ම ඉක්මනින් බිඳී යාමේ හැකියාව හොඳින් බලන්න. සමහර ඒවා ඇතුළත වතුර පැල්ලම් මතු වෙනවා. ඒවා ඔබට නැවත අළුත්වැඩියා වෙනුවෙන් දැරීමට වන වියදම ඊට වඩා වැඩි වෙනවා. මේ නිසා ටයිල් තෝරා ගැනීමේදී ලෝභ වෙන්න එපා.

බිත්ති වලට ආලේප කරන තීන්ත වර්ග හෝ wallpaper මිලදී ගැනීමේදී කිසිවිටෙක ලාභය ගැන සිතන්න එපා. ඒවා මිලදී ගත යුත්තේ හොඳම වර්ගවලින්. ලාභ තීන්ත වර්ගයක් ආලේප කළොත් ඉක්මනින් පතුරු ගැලවී යනවා. ඒ වගේම නිවස තුළට දියසීරාව කාන්දු වෙනවා. මේ නිසා ඔබට අළුත්වැඩියා කරන්න යන වියදම ඊට වඩා වැඩි වෙනවා.

නාන කාමරයට සවිකරන උපාංග තෝරාගැනීමේදී ඒවාගේ ගුණාත්මකභාවයට මුල් තැනක් ලබා දියයුතු වෙනවා. ඇතැම් බාල වර්ගයේ උපාංග වලින් ජලය කාන්දු විය හැකි අතර ඉහළ ගුණත්වයන්ගෙන් යුතුව මිල දී ගැනීමෙන් ප්‍රති බැක්ටීරියා කාරක ස්ථාන වලින් ආවරණය කර ඇති විෂබීජ පැතිරීම වළක්වන උපකරණ තෝරාගැනීම වැදගත් වෙනවා. ගුණත්වයෙන් අඩු වැසිකිලි උපාංගවල මෙවැනි ආරක්ෂාවක් දැකගන්න වෙන්නේ නැහැ. ඒවගේම නාන කාමරයේ බාල වර්ගයේ press button ටැප් වගේ දේවල් වල වර්ණය කෙටි කලකින් නැති වී යනවා.

සවි කරන දොර ජනෙල්වල ගුණාත්මකභාවය සහ ශක්තිමත් භාවයත් සැලකිලිමත් විය යුතු වෙනවා. බාල වර්ගයේ ලීවලින් තැනූ දොර ජනෙල් කාලයක් යනවිට තැලුම් වලට ලක්වෙනවා. මේ නිසා ගුණත්වයෙන් උසස් දොර ජනෙල් හැමවිටම මිලදී ගන්න උත්සාහ කරන්න.

විදුලිය හා සම්බන්ධ වීමේදී අනතුරක් නොවීමට නම් ප්ලග් වල ගුණත්වය ඉහළ මට්ටමක තිබිය යුතු වෙනවා. නැතිනම් ඔබේ ජීවිතයත් සමස්ත නිවස අනතුරට ලක්වෙනවා. මේ වගේ කරුණු පිළිබඳ නිසි අවධානය යොමු කරමින් මෙවැනි උපකරණ මිලදී ගැනීම් වලදී සහ සවිකිරීම් වලදී ලාභයට වඩා ගුණාත්මකභාවය සහ කල්පැවැත්ම පිළිබඳ වගකීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න. එවිට ඔබ නිවසක් තැනීම වෙනුවෙන් වැයකරන මුදල ඵලදායි ආයෝජනයක් වේවි.

 

 

 

 

 

 

by Dilki Shamani

views

1284 Views

Comments

arrow-up