ජයගැනීමේ රහස නවෝත්පාදනයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

ජයගැනීමේ රහස නවෝත්පාදනයි

ජයගැනීමේ රහස නවෝත්පාදනයි

ඉදිරියට යාමට අපේක්ෂා කරන ඕනෑම කෙනෙකුට හෝ ඕනෑම ආයතනයකට පහසුම ක්‍රමය වන්නේ නවෝත්පාදන බිහි කිරීමයි. සෙසු තරගකරුවන්ගෙන් තමන් වෙන්ව පෙනෙන්නේ නවෝත්පාදනයන් සාර්ථක වුවහොත් පමණයි. වෙනත් තරග කරුවකු සතු නොවන යමක් ඔබ ලඟ ඇත්නම් එතැන ඇත්තේ ඒකාධිකාරයයි. තව කෙනෙකුට පහසුවෙන් කොපි කළ නොහැකි නම් විශේෂයෙන් එහි ස්වභාවය නිසා බුද්ධිමය දේපළ හිමිකම් තමා සතුව ඇති නිසා කොපි කිරීමට නොහැකි නම් ඉහල මිලක් ඒ සඳහා ඉල්ලුම් කළ හැකි වෙනවා. ඒ නිසා කළමනාකරුවන් නවෝත්පාදනයට හරිම කැමතියි.

නව සොයාගැනීම් රාශියක් පර්යේෂණාගාරවල සිදු වුණත් එසේ වීම අත්‍යවශ්‍ය වන්නේම නෑ. සමහර සොයාගැනීම් හුදු අහම්බයක් පමණයි. ඔබ දන්නවාද උණසන්නිපාතය අවසානයේ මෙල්ල කළ ලොව පළමු ප්‍රතිජීවකය ලෙස සැලකෙන පෙනිසිලීන් හා මැලේරියාව සුවකරන ක්විනින් අහඹු සොයා ගැනීම් බව. ඔබ බොන තේ ද එවැනි අහඹු සොයා ගැනීමක්. යම් සිද්ධියක් කවියකුට පෙනෙන්නේ කවියකට නැගිය හැකි ප්‍රස්තුතියක් ලෙස චිත්‍ර ශිල්පියෙකුට වර්ණ යොදාගෙන සිතුවම් කළ හැක්කේ චිත්‍රයක්. එය ලේඛකයකුට ලිපියකට මාතෘකාවක්. නවෝත්පාදනයේ යෙදෙන කෙනකුට නව යමක් නිමවා ගත හැකි වීම වස්තු බීජයක්. නව යමක් හමු වූ විටෙක හඹා ගොස් අල්ලා ගැනීමට තරම් කැපවීමක් නවෝත්පාදනයේදී අවශ්‍ය වෙනවා.

වෙනත් අය නොදකින දේ නිරීක්ෂණය කරන කපා කොට විච්ඡේදනය කර බැලීම ද පෙරළා හරවා බැලීමට සහ ඒ සමග සංසන්දනය කොට බැලීම දේවල් සමග සම්බන්ධ කර බැලීමට උවමනාවක් උනන්දුවක් ඔවුන් සතුවිය යුතු වෙනවා. නව දෙයක් දරුවකු පෙරළමින් කෑලිවලට කඩමින් විසිකරමින් කටේ දමමින් එය අවබෝධ කරගන්නට දරන උනන්දුවට සමාන උනන්දුවක් නවෝත්පාදන යෙදෙන්නෙකුට පහළ විය යුතුයි. නව සොයා ගැනීමක් අමු අමුවේ භාවිතයට ගත නොහැකියි. සොයාගැනීම් වල ප්‍රයෝජන ලැබීමට සොයාගැනීමෙන් පසු විශාල කාලයක් ගතවෙන්න පුළුවන්. විදුලි බල්බය නිපදවිය හැකි සූර්ය කෝෂය ඊට එක් උදාහරණයක්. සොයාගැනීම් හරහා ඇතැම් විට විශාල මුදලක් සොයාගන්නේ මුල් සොයා ගැනීම කළ තැනැත්තාම පමණක් නොවෙයි. එය වැඩිදියුණු කරන අය. ඊට හේතුව මිනිසුන්ට වඩා වැදගත් වන්නේ ප්‍රයෝජ්‍ය වටිනාකමක් බිහි කිරීමට කරනු ලබන දායකත්වය වීමයි. නවෝත්පාදනයට විවෘත වූ මනසකින් ඒ සියල්ල දෙස නැවත බැලීමට ඒවා විමසීමට වෙනස් කිරීමට හුරුවිය යුතු වෙනවා. එවිට පෞද්ගලික සාර්ථකත්වය ආයතනික සාර්ථකත්වය වගේම රටේ දියුණුවටත් ඔබට දායක වෙන්න හැකියාව ලැබෙනවා.

 

 

 

 

 

 

by Dilki Shamani

views

738 Views

Comments

arrow-up