සිංහ ධේනුවක් අවුරුදු විසි දෙකේ තරුණියකට පහර දෙයි.

දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නුවර ඩිනොකෙන්ග් වනෝද්‍යානයේ දී 2018 පෙබරවාරි 27 වැනිදා ඉතාමත් අවාසනාවන්ත අනතුරක් සිදු විය. ඒ 22 හැවිරිදි තරුණියක් සිංහ ප්‍රහාරයක් නිසා මිය යාම යි.
එම වනෝද්‍යානයේ සැලකිය යුතු තරම් සිංහයන් ප්‍රමාණයක් වාසය කරයි. උන් පිළිබඳ ව අධීක්ෂණය කිරීමේ වගකීම පැවරී තිබුණේ ලයන් විස්පරර් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ කෙවින් රිචඩ්සන් නම් පුද්ගලයාට යි.
මෙම අනතුර සිදුවුණු දිනයේ අනතුරට පත්වුණු තරුණිය කෙවින් හමුවීමට පැමිණ සිටියේ සිංහයන් පිළිබඳ පැවරුමකට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා යි.
එදා අනතුරට පත්වුණු තරුණිය සහ ඇගේ මිතුරියක් කෙවින් රිචඩ්සන් සමඟින් සෆාරි චාරිකාවක නිරතවෙමින් සිංහයන් පිළිබඳ ව තොරතුරු එක් රැස් කරන ලදී. ඒ අතරතුර සිංහයන්ගේ විවිධ ආකාරයේ ඡායාරූප ගැනීමට ද ඇය අමතක කර නැත.
එදා ඇයට සාමාන්‍ය ජනතාවට ඇතුළුවීමට ඉඩ නොදෙන ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව ලැබුණි. ඒ කෙවින්ගේ අවසරය මත යි. එලෙස ඇය සිංහයන් සමඟ කාලය ගත කරමින් සිටිය දී සිංහ ධේනුවක් ඉම්පාලා මුවකු පසුපස පන්නමින් සිටියාය. එම සිංහ ධේනුවට සිය ගොදුර අල්ලා ගැනීමට නොහැකි වුණු නිසා කෝපයට පත් ව සිටියාය.
ඒ මොහොතේ සිංහ ධේනුවට මෙම තරුණිය හමු විය. ඇය සැලකිය යුතු තරම් කාලයක සිට විවිධ අවස්ථාවල දී මෙම වනෝද්‍යානයේ සංචාරය කර තිබුණු නිසා ඈතින් එන සිංහ ධේනුව දැක බියට පත්වුණේ නැත. ඒ වාගේම කෙවින් රිචඩ්සන් එම ස්ථානයේ සිටි නිසා තරුණියට බිය වන්නට කාරණයක් තිබුණේ නැත. ඒ මොහොතේ කිසිවෙකු බලාපොරොත්තු නොවුණු අයුරින් සිංහ ධේනුව තරුණිය වෙත කඩා පැන්නාය.
කෝපයට පත්ව සිටි සිංහ ධේනුවක් සමඟින් සටන් කිරීමට එහි සිටි කිසිම කෙනකුට හැකියාවක් තිබුණේ නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන් තරුණිය එම ස්ථානයේ දීම මරණයට පත්විය. එම මරණය පිළිබඳ ව දැඩි ලෙස කනගාටුවට පත් වුණු කෙවින් රිචඩ්සන් තරුණියගේ පවුලේ උදවිය වෙත සිය ශෝකය පළ කරමින් ඔවුන්ට වන්දි මුදලක් ද ලබා දුන්නේය.
355 Views
Comments