මළ සිරුරු උකුස්සන්ට දෙන අවමංගල චාරිත්‍රය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
04

මළ සිරුරු උකුස්සන්ට දෙන අවමංගල චාරිත්‍රය

මළ සිරුරු උකුස්සන්ට දෙන අවමංගල චාරිත්‍රය

අහස් භූමිදානය කිරීමේ සම්ප්‍රදාය වසර දහස් ගණනක් පැරණි වන අතර අදටත් එය මූලික වශයෙන් ටිබෙටය, මොංගෝලියාව, සහ චීනයේ ඇතැම් ප්‍රදේශවල ක්‍රියාත්මක වේ.


ටිබෙට් ජාතිකයෙකු මිය ගිය විට පවුලේ අය විසින් මියගිය පුද්ගලයා වටා ගිතෙල් ලාම්පු හෝ පහන් දල්වන අතර භික්ෂූන් වහන්සේලා දින තුනක් හෝ පහක් පුරා ශරීරයට ආශීර්වාද සිදු කරයි. මෙම කාලය තුළ ශරීරය ස්පර්ශ කිරීමක් සිදු නොකරයි.


පවුලේ සාමාජිකයන් සහ ඥාතීන් කිසිවෙකු අවසන් දින අවමංගල්‍යයට සහභාගී නොවේ. ඒ වෙනුවෙන් ඔවුන් නිවසේ නැවතී යාඥාවන් සිදු කරනු ලබයි. අවසන් දිනයේ දී දේහය ඉතා උස් කඳු මුදුනක් හෝ සානුවක් වෙත ගෙන යයි.


ඉන්පසුව උකුස්සන් හෝ ගිජුලිහිණියන් කැඳවීම සඳහා සුවඳ දුම් වැනි දෑ පිළිස්සීම සහ රබන් වැනි වාදන භාණ්ඩ වාදනය කරයි. අවසානයේ දේහය කුඩා කැබලිවලට කඩා පැමිණි කුරුල්ලන්ට කෑමට දමයි.


ටිබෙට් බෞද්ධ ආගමට අනුව මෙම අවමංගල්‍ය ක්‍රමය ජීවිතයේ අනිත්‍යභාවය පිළිබඳ පාඩමක් සහ මතක් කිරීමක් මෙන්ම කුරුල්ලන් පෝෂණය කිරීමෙන් ශරීරය නොමසුරු බැහැර කිරීමට උත්සාහ කිරීමකි.


ආගමේ අනුගාමිකයන්ට ශරීරය යනු ආත්මය සඳහා වූ යාත්‍රාවක් පමණක් වන අතර, ආත්මය හැරගිය පසු ශරීරයට සැබෑ වටිනාකමක් නැත. උකුස්සන් මුළු ශරීරයම පරිභෝජනය කරන්නේ නම් එය හොඳ සලකුණකි.


ටිබෙට් ජන චාරිත්‍රය විශ්වාස කරන්නේ ඔහු හෝ ඇය ජීවිතයේ නපුරු ක්‍රියා කර ඇත්නම්, උකුස්සන් පවා මිනිසෙකුගේ ශරීරය පරිභෝජනය කිරීමට අකමැති බව යි. උකුස්සන් මිනිස් සිරුරේ කොටස් පරිභෝජනය කරන නිසා අහස් භූමදානය, “කුරුලු භූමදානය” ලෙස ද හැඳින්වේ.

views

330 Views

Comments

arrow-up