කුළුදුල් පාසල් ප්‍රේමයට සංස්කෘතියෙන් වැට කඩුළු

Varathan film එක එලියට එන්නේ 2018! අපි කවුරුත් ආස කරන faradh faasil සහ Aishwarya Lakshmi තමයි මේ චිත්‍රපටය පුරා ප්‍රධාන චරිත දෙක ට දායකත්වය සපයන්නේ !
මලයාලම් චිත්‍රපටයක් වෙන නිසාම මේකේ රූප රාමු, දෙබස්, පරිසරය අපිට හරි කිට්ටුයි ...!! කොහොමත් ස්ක්‍රිප්ට් එක ඇතුලු චිත්‍රපට අධ්‍යක්ෂණය ගත්තම අනෙක් මලයාලම් සිනමා කෘති වගේම විශේෂ අපූර්වත්වයක් තියෙනවා මුල සිට අවසානය වෙනකල්ම ....!!
කතාව මුල ගත්තොත් අබින් සහ ප්‍රියා කියන දෙන්නා විවාහ වෙලා ඩුබායි වල IT ක්ෂේත්‍රයේ රැකියාවන් දෙකක නිරතවෙලා තමයි ඉන්නේ ...!! යම් සුඛෝපභෝගී ජීවිතයක් මේ දෙන්නා ගත කලත් මේ රැකියාවන් නිසා ඔවුන්ගේ ජීවිතවල ඇති කාර්‍යභහුලත්වය නිසාම තීරණය කරනවා ප්‍රියා ගේ උපන්ගමට එන්න ... ඒ කිව්වේ ඉන්දියාවට එන්න ...!!
ගමට ආපු ගමන් මේ දෙන්නට තේරෙනවා ලෝකයේ තාක්ෂණික දියුණුව සහ සංස්කෘතික දියුණුව ට සාපේක්ෂව ගම ඉස්සරහට ගිහින් නෑ කියලා ...!!ඉතින් මේ යම් පසුගාමී සංස්කෘතියක් ඇතුලේ දිවෙන ගමක ප්‍රධාන සිදුවීම දෙකක් මත සිනමා කෘතියේ කතාව තව දුරටත් දිග හැරෙනවා ..!!
එක සිඳුවීමක් තමයි කුළුදුල් ප්‍රේමයක් විදින පාසැල් පෙම්වතෙක් සහ පෙම්වතියක් ගැන ...!! අනෙක් සිදුවීම ගලාගෙන යන්නේ විවාහයෙන් පසු කාර්‍යබහුල ජීවිතයෙන් මිදෙන්න ගමට ආපු විවාහක යුවල ගැන ....!!
ගමේ සිටින්නා වූ ප්‍රභූ කියා ගන්නාවූ යම් පසුගාමී චින්තනයක් සහිත පිරිස කුළුදුලේ ප්‍රේමය සහ යෞවනයේ ප්‍රේමයට මොනවගේ ඉඩක් දෙයිද ??? ඒ ඉඩ දීම කුමන ආකාරයකින් මොවුන් බාර ගනියිද ???
ඉතින් මේ සිනමා කෘතිය අවසානය තෙක් නැරඹුවොත් මේ ප්‍රශ්නවලට උත්තර සොයා ගන්න පුලුවන් ...!!
528 Views
Comments