දෙවියො යක්ෂයො ඇත්තටම නැද්ද?
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

දෙවියො යක්ෂයො ඇත්තටම නැද්ද?

දෙවියො යක්ෂයො ඇත්තටම නැද්ද?

THE BRIDE OF HABAEK
FANTASY | ROMANCE | COMEDY
IMdB: 6.9/10


2017 ජූලි 03 දින සිට අගෝස්තු 22 දක්වා කොටස් දාසයකින් යුක්ත මෙම කතා මාලාව ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ කතාවේ අධ්‍යක්ෂණය Kim Byung Soo.


හබෙක් විදිහට රඟ දක්වන්නෙ Nam Joo Hyuk. Who are you : school 2015, weightlifting Fairy kim bok – joo (2016) කතා මාලා වල මේ නලුවා රංගනයෙන් සහය වෙනවා. යූන් සු ආ විදිහට රඟ දක්වන්නෙ Shin Se Kyung. Sitcom High Kik Through the Roof චිත්‍රපටය තුලින් රඟපෑමට අවතීර්ණ වුන ඇය Hindsight , R2B, Tazza වැනි චිත්‍රපට වලත් Deep Rooted Tree, The Girl Who Sees Smells, Six Flying Dragons, Black Knight වැනි කතා මාලා වලත් රඟදක්වා තිබෙනවා.


කොරියාවේ ගොඩක් ජනප්‍රිය වුන මේ කතා මාලාව ගැන හැඳින්වීමක් කරනවා නම් මේක දෙවියෝ ඉන්න ලෝකය සහ මිනිස් ලෝකය පදනම් කරගෙන තමයි ගෙතිලා තියෙන්නේ. දේව ලෝකයේ හෙවත් දේව අධිරාජ්‍යයේ රාජධානි තුනක් තියෙනවා දිය දේශය, අහස් දේශය සහ පොළෝ දේශය වශයෙන්.


මේ අධිරාජ්‍යයන් තුනටම අධිරාජ්‍යයා වීමට නියමිත වෙලා තියෙන දෙවියෝ මිනිස් ලෝකය ආරක්ශා කරමින් මිනිස් ලෝකයේ ජීවත් වෙන ආරක්ශක දෙවිවරු තුන්දෙනෙක්ට අයිති දේව පාශාණ තුන අරගෙන නැවත දේව අධිරාජ්‍යයට යන්න ඕන. ඒක දේව සම්ප්‍රදායක්. මිනිස් ලෝකයේ ඉන්න දේව පාශාණ අයිති දෙවිවරු තුන් දෙනා වෙන්නෙ මූ රා නම් පොලෝ දේවතාවිය, බී රියොම් නම් අහස් දේවතාවා සහ ජූ ඩොන්ග් නම් දිය දේවතාවා.


දේව අධිරාජ්‍යයට මීලඟ අධිරාජ්‍යයා වීමට නියමිත වෙලා ඉන්න හබෙක් නමැති දිය දේශයෙන් පැවතගෙන එන කඩවසම් දෙවියාට දේව පාශාණ තුන හොයාගෙන මිනිස් ලෝකයට යන්න සිද්දවෙනවා. හබෙක්ට දේව පූජකතුමාගෙන් උපදෙස් ලැබෙනවා මිනිස් ලෝකයේදි අසීරු අවස්ථාවක් ආවොත් මිනිස් ලෝකයේ ඉන්න දේව මෙහෙකාරයන්ගේ පරම්පරාවෙන් පැවතගෙන එන දේව මෙහෙකාරියකගෙන් උදව් ලබාගන්න කියලා.


ඉතිං එහෙම නම් කරපු දේව මෙහෙකාරිය තමයි යූන් සු ආ කියන රූමත් මනෝ වෛද්‍යවරිය. යූන් සු ආ එයා දේව මෙහෙකාරියක් කියලා දන්නවා තියා දෙවියෝ, යක්ශයෝ වගේ දේවල් මිත්‍යා විශ්වාස විදිහට බැහැර කරලා දාන නූතන සමාජයේ කෙල්ලක්. මේ යූන් සු ආ, යූ සන්ග් යූ කියන හෙද සහායකයත් එක්ක ‘හැපී මනෝ චිකිත්සක සායනය’ පවත්වාගෙන යනවා. හබෙක්ට යූන් සු ආගෙන් උදව් ඉල්ලගන්න පුළුවන් වේවිද කියලා දැනගන්න කතාව බලන්නම වෙනවා.
 

views

264 Views

Comments

arrow-up