සැමියන්ගේ අසම්මත ආදරයට කොටුවුණු බිරින්ඳෑවරු

ප්‍රහසන ගණයට වැටෙන කතා මාලාවක් වන Grace and Frankie, තරමක වෙනස් මිත්‍ර සබඳතාවක් මත පදනම් වෙන සුන්දර නිර්මාණයක්.
ග්‍රේස් සහ ෆ්‍රැන්කිගේ දිගුකාලීන ස්වාමි පුරුෂයන් වන සෝල් සහ රොබට්, වෘත්තීය සහකරුවන් ලෙස ඉතා හොඳ මට්ටමේ සබඳතාවක් පවත්වා ගෙන යන දෙදෙනෙක්. නමුත්, වෘත්තීය මට්ටමෙන් තිබුණු ඒ මිතුරුකම පසුව ආදරයකට පෙරළෙනවා.
රොබට් සහ සෝල්, ඔවුන් අතර පවතින ආදර සම්බන්ධය තම බිරියන්ට හෙළි කරන අතර, ඔවුන් ගේ දිගු කාලීන විවාහ ජීවිතයටත් තිත තබන්නට වන බව ප්‍රකාශ කරනවා.
හදිසි හෙළිදරව්වෙන් උඩු යටිකුරු වූ ජීවිත නැවත ගොඩ නඟා ගැනීමේ අරගලයට ග්‍රේස් සහ ෆ්‍රැන්කි මුහුණ දෙන්නේ කෙසේ ද? කිසි දිනෙක එකිනෙකාට කැමැත්තක් නොදැක් වූ මේ කාන්තාවන් දෙදෙනා එකට එකතු වී අභියෝග භාර ගන්නේ කෙසේ ද?
ගැටුම්, වාද විවාද සහ ප්‍රහසනය මැදින් ගලාගෙන යන මෙම නිර්මාණය ජීවිතය ගැන පැතිකඩ රාශියකින් විමසා බැලීමේ අවස්ථාව ප්‍රේක්ෂකයාට ලබා දෙනවා.
513 Views
Comments