අන්ධකාරයේ ගී ගයන කුරුල්ලා

චෆින්ච් (The chaffinch) යනු යුරෝපයේ බොහෝ රටවල ජනප්රිය ඉතා කුඩා සුරතල් කුරුල්ලෙකි. ඒ උගේ ඇති අතිශය මිහිරි ගීතවත් හඬ නිසාය.
බෙල්ජියමේ ෆ්ලැන්ඩර්ස් ප්රදේශයේ, වසර හාරසියයක් පැරැණි වින්කෙන්සෙටිං ක්රීඩාව යනු (ෆින්ච්-සිටිං) පැයක් තුළ වැඩිම කුරුළු හඬක් ලබා ගැනීමේ තරගයකදී පිරිමි කුරුල්ලන් එකිනෙකාට එරෙහිව තරඟ කරවන ක්රීඩාවකි. මෙම ක්රීඩාව ප්රථම වරට වාර්තා වී ඇත්තේ 1596 දී වන අතර දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි සෑම වසරකම කුරුල්ලන් දස දහසක් හෝ දහතුන් දහසකට වඩා ෆ්ලාන්ඩර් වැසියෝ කූඩුවල දමා සිරකරති.
පිරිමි chaffinch කුරුල්ලා එකිනෙකට වෙනස් දීර්ඝ තාල හතරක් ගයන අතර ඒවා කාලගුනයේ වෙනස් වීම, සතුරු කුරුල්ලෙක්කුගේ පැමිණීම, හුදෙකලාව සහ සංසර්ගයට ඇති කැමැත්ත පිළිබිඹු කරයි. කිරිල්ලිය ගයන්නේ එක් තාලයක් පමණි. ඒ සංසර්ගය ඇවසි වූ විටය.
එබැවින් මිනිසුන් අල්ලා කුඩු කරන්නේ පිරිමි කුරුල්ලාවය. කුරුල්ලාව අල්ලා ඔවුහු කුඩා ලී පෙටිටියක ඉර එලිය බිදිකුදු නොවැටෙන සේ ඌ සිරකර තබයි දැඩි අන්ධකාරයේදී ඌ කිරිල්ලියට දීර්ඝ ලෙස අතිශය මිහිරි ලෙස ගයයි. ඒ පවසන්නේ කුරුල්ලාගේ වෙිදනාවය.
මෙම කාලයේදී ෆ්ලැන්ඩර්ස් වැසියන් සිය කුරුලු කුඩු මහපාරක් අයිනේ එක පෙළට තබති. තරඟකරුවන් ඔවුන්ගේ ලී කුරුලු කූඩු, තමාගෙන් අඩි හයක් පමණ දුරින් තබා අයිතිකරු හෝ පුහුණුකරු කූඩුව ඉදිරිපිට වාඩි වී දිගු රිටක හුණු සලකුණු භාවිතා කරමින් අන්ධකාරයේ සිරව සිටිනා කුරුල්ලා ගායනා කරන වාර ගණන ලියා තබති.
මෙහිදී ගණනය කරනු ලබන්නේ තප්පර දෙකකට වඩා වැඩි කටහඩ පමණි. පැයක් තුළ වැඩිම වාර ගණනක් ගැයූ කුරුල්ලා ජයග්රාහකයා ලෙස ප්රකාශයට පත් කෙරේ.
370 Views
Comments