JUN
10
අහස අපවිත්‍ර කරන වායු දූෂණය ඉහළ නගර

ලොව වායු දූෂණය වැඩිම නගරය බවට ඇමෙරිකාවේ නිව්යෝක් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ වනවිට නිව්යෝක් නගරයේ වායු සංයුතිය සෞඛ්‍යයට අහිතකර අගයක් දක්වා වර්ධනය වී ඇති බවත්, එය බරපතල තත්ත්වයක් බවත් විද්‍යාඥයෝ අනතුරු අගවති.
නිව්යෝක් නුවර මේ අයුරින් වායු දූෂණයට හේතුව කැනඩාවේ ප්‍රාන්ත කීපයක පාලනය කිරීමට නොහැකි අයුරින් පැතිරෙන ළැව් ගිනි යැයි කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති.
වායු දූෂණය අතින් නිව්යෝක් නගරය අංක එක ස්ථානයට පත් වෙද්දී, නවදිල්ලිය දෙවැනි ස්ථානයටත්, බෙයිජීං අගනුවර තෙවැනි ස්ථානයටත් පත් වී ඇත.
332 Views
Comments