කැසියස්ගේ 120 වැනි උපන් දිනය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

කැසියස්ගේ 120 වැනි උපන් දිනය

කැසියස්ගේ 120 වැනි උපන් දිනය

සත්ත්වෝද්‍යානයක සිටින ලොව විශාලතම කිඹුලා ලෙස සැලකෙන කැසියස් (Cassius) 120 වැනි විය පසු කර ඇත. විද්‍යාඥයන් සඳහන් කරන්නේ එය උගේ උපරිම ආයු කාලය විය යුතු බවයි.

 

 

කරදිය කිඹුලෙකු වන කැසියස් අල්ලාගන්නා විට උගේ සැබෑ වයස හරියටම දැන ගැනීමේ හැකියාවක් නොතිබිණි. ඔස්ට්‍රේලියාවේ ඩාවින්හි පිහිටි ගොවිපොළක හිමිකරුවන් විසින් සිය ගව පට්ටියේ ගවයින් ගොදුරු කරගන්නා බවට කළ පැමිණිල්ලක් මත 1984 වසරේ දී ඌව අල්ලාගන්නා ලදී.

 

 

  එකල ඌ අඩි 16 කුත් අඟල් 10 කින් (මීටර 5.13) යුතු විය. 

 

 

 මේ වන විට කැසියස් ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේ Green Island දූපතේ තිබෙන Marineland Crocodile Park නමින් හැඳින්වෙන කිඹුලන් වෙනුවෙන් ම පවත්වාගෙන යන සත්ත්වෝද්‍යානයේයි. ඔහුගේ ශරීරය මේ වන විටත් වර්ධනය වෙමින් පවතී. මේ වන විට කැසියස්ගේ දිග අඩි 18 ක්. නො එසේ නම් මීටර 5.5 කි.

 

 

Crocodylus porosus ලෙස විද්‍යාත්මක ව හැඳින්වෙන කරදිය කිඹුලන්ගේ සාමාන්‍ය ආයු කාලය වසර 70 මඳ වශයෙන් ඉක්මවයි.

views

361 Views

Comments

arrow-up