දියමන්තියේ ශාපය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
03

දියමන්තියේ ශාපය

දියමන්තියේ ශාපය

1668 අවුරුද්දෙ ප්‍රංශයට ආව ටවර්නියර් ළඟ තිබුණ ඩොලර් 330,000 ක් වටිනා ආභරණ අතර තිබූ කැරට් 122.5 ක පමණ දියමන්තියක් තමයි මේ හෝප් දියමන්තිය කියන්නේ. ඔහුගෙන් එය මිලදී ගත් 14 වැනි ලුවී රජතුමා එම දියමන්තිය තමන්ගේ ඔටුන්නේ “නිල දියමන්තිය” විදිහට නම් කර තිබෙනවා.


මේ දියමන්තිය ඉන්දියාවේ හින්දු දේවස්ථානයකින් සොරකම් කරපු එකක් කියලත් මතයක් තිබෙනවා. කොහොම වුණත් මේ දියමන්තිය අත්කර ගත්තට පසුව ලුවී රජතුමාගෙ කල දවස නරක අතට හැරුණු නිසා මේ දියමන්තිය අයිති වෙලා තිබුණ දේවස්ථානයේ ශාපයට ඔහු ලක්වුණා කියලා විශ්වාසයක් පවතිනවා. මොකද මේ දියමන්තිය ලබා ගත්තට පස්සෙ රජතුමා දිගින් දිගටම යුද්ධවලින් පරාජය වෙනවා. එමෙන්ම කිරුළ හිමි ඔහුගේ මුනුබුරා වූ “ඩක් ඩිබෝහෙන්ති” හදිසියේම මිය යනවා විතරක් නෙවෙයි” මේ දියමන්තිය රජතුමාට විකුණූ ටවර්නියර් පවා රුසියාවෙ වනාන්තරේකදි වෘකයකුට ගොදුරු වෙලා අකාලයේ මිය යනවා.


කොහොම වුණත් 1948 ඉඳලා 1957 දක්වා වසර 9 ක් ලෝකය වටා සැතපුම් 400,000 ක් පමණ ගමන් කර තිබෙන මේ දියමන්තියේ ගමන් මාර්ගයෙදි අපට අසන්න ලැබෙන්නේ නම් අකල් මරණම පමණයි. මෙහි අවසාන හිමිකරු වෙන හැරී වින්ස්ටන් හැර අනෙක් සැමටම මේ දියමන්තිය අවාසනාවන්ත ඉරණම් ළඟා කර තිබෙනවා.


1958 නොවැම්බර් 08 වැනිදා ඉඳලා අද වෙනකන්ම මේ දියමන්තිය ඇමරිකා එක්සත් ජනපදයේ ස්මිත්සෝනියන් ආයතනයේ ස්වර්ණාභරණ අංශයේ වෙඩි නොවදින වීදුරු පෙට්ටියක් ඇතුළේ බොහොම ආරක්ෂිතව තියලා තිබෙනවා.

 

views

230 Views

Comments

arrow-up