කොඩි ගහ යට කතාව ගැන කතාබහක්

ස්වාධීන රූපවාහිනීයේ විකාශය වන කොඩිගහ යට ටෙලිනාට්‍ය පිළිබඳ කථිකාවක් බස්නාහිර සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වුණි.
'තරුණ නව රැල්ල' විසින් මෙය සංවිධාන කරන ලදී.
'කොඩිගහයට කතාව ගැන කතාබහක්' යනුවෙනුය මෙම සංවාදාත්මක වැඩසටහන ආරම්භ කෙරුණේ.
කොඩිගහ යට නාට්‍ය , එහි තේමාව සහ එයින් සමාජයට එල්ලවන බලපෑම් ආදිය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.
මෙම සාකච්ඡාව සදහා මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර , රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු, මහාචාර්ය සුනිල් සෙනෙවි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටින ලදී.
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.
640 Views
Comments