විශ්වයේ උපත පිළිබඳව ඇති විවිධ මත
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

විශ්වයේ උපත පිළිබඳව ඇති විවිධ මත

විශ්වයේ උපත පිළිබඳව ඇති විවිධ මත

විශ්වය යන වදන අසන බොහෝ දෙනෙකු සිතන්නේ එය ඈත අභ්‍යවකාශයේ ඇති දෙයක් ලෙසිනි. එය එසේ නොවේ. විශ්වය යයි කී විට ඊට ඔබ හාත්පස, ළඟ ඇති, ඔබට පෙනෙන නොපෙනෙන, ඇසෙන නොඇසෙන ආදී වශයෙන් පවත්නා සියල්ල අයත් වේ. නූතන විද්‍යාඥයන් විසින් මෙම විශ්වයේ ස්වභාවය සහ එය ආරම්භ වූ ආකාරය ගැන ගවේෂණ රැසක් සිදු කොට ඇත. ඔවුන් ඒ ගැන යම් යම් කරුණු දැනගෙන ඇතත් බොහෝ දේ දැනගෙන නැත. ඔවුනට විශ්වය ගැන සියලු දේ දැනගත හැකි වන්නේ ද එය කළ හැකිද කියා කීමට කිසිවෙකුට නුපුළුවන. විශ්වයේ උපත පිළිබඳව ගවේෂණ කළ නූතන තාරකා විද්‍යාඥයන් කිහිප දෙනෙක් විසින් න්‍යායන් කිහිපයක් ඉදිරිපත් කොට ඇත. එනම් මහා පිපුරුම් වාදය, ස්ථාවර තත්ත්ව වාදය, නව ස්ථාවර තත්ත්ව වාදය සහ විශ්වය දෝලනය වෙතැයි කියවෙන ස්පන්දමාන විශ්ව වාදය යනාදියයි. එම න්‍යායන් පිළිබඳව පහතින් දැනුවත් වෙමු.

මහා පිපුරුම් වාදය

 


මෙයින් මහා පිපුරුම් වාදය මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ ජෝර්ජ් ගැමොව් නම් රුසියානු ජාතික විද්‍යාඥයා විසින් 1978 වර්ෂයේදී ය. ඊට පසු ලමෙත්‍ර නම් ප්‍රංශ විද්‍යාඥයෙක් විසින් එම වාදය විස්තාරණය කළේය. මේ දෙදෙනා විශ්වය පිළිබඳව ප්‍රකාශ කළේ එය ඈත අතීතයේ කොටස් එක්තැන් ව තිබුණු බවත් එම කුඩා එකතුව තුළ සිදු වූ මහා පිපිරීමකින් සියලු කොටස් විසිරී ගිය බවත්ය. ඒ විසිරී ගිය කොටස් වලින් චක්‍රාවාට නිර්මාණය වූ මූල ද්‍රව්‍ය පහළ විය. පෘථිවිය මෙසේ පහළ වූ අපේ චක්‍රාවාටයට අයත් සෞරග්‍රහ මණ්ඩලයෙ එක් සාමාජිකයෙකු බව මෙහිදී වැටහේ. මහා පිපුරුම් වාදයෙන් ප්‍රකට වන මූලික කරුණු දෙකක් පවතී. විශ්වයේ අද පවත්නා මූල ද්‍රව්‍යයන් ගේ උපත සිදු වූ ආකාරය, විශ්වය පුරා පැතිර ඇති ක්ෂුද්‍ර තරංග වල පසුබිම් විකිරණය සිදුවන ආකාරය යනාදිය එම කරුණු දෙකයි.

ස්ථාවර තත්ත්ව වාදය

 


මෙම මතය මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ ඔස්ට්‍රියානු ජාතිකයන් වූ හර්මන් බොන්ඩ් සහ තෝමස් ගොල්ඩ් යන විද්‍යාඥයන් දෙදෙනා විසිනි. පසුව බ්‍රිතාන්‍ය ජාතික ෆ්‍රෙඩ් හොයිල් එය තව තවත් පැහැදිලි කළේය. මේ මතයෙන් ප්‍රකාශ වන්නේ ඈත අතීතයේ සිටම මේ දක්වා විශ්වය එකම ස්වරූපයෙන් පැවති බවත් අනාගතයේ ද එම ස්වරූපයෙන්ම පවත්නා බවත් ය. මෙම මතයෙන් ප්‍රකට වන මූලික අදහස් තුනකි. විශ්වයේ ඇති චක්‍රාවාට නිරන්තරයෙන්ම ප්‍රසාරණය වීම, චක්‍රාවාට කලින් කලට අතුරුදහන් වීම, ඒ වෙනුවට නව චක්‍රාවාට පහළවීම එම මූලික අදහස් ය.

නව ස්ථාවර තත්ත්ව වාදය


නව ස්ථාවර තත්ත්ව වාදය ඉදිරිපත් කිරීමට මුල් වූයේ බ්‍රිතාන්‍ය ජාතික ෆ්‍රෙඩ් හොයිල්, ශ්‍රී ලාංකික විද්‍යාඥ චන්ද්‍ර වික්‍රමසිංහ හා ඉන්දියානු විද්‍යාඥ ජයන්ත් නාලිකර් යන විද්වතුන්ය. මේ මතයෙන් ප්‍රකාශ වූයේ විශ්වය ආරම්භයක් නැති අසීමිත වයසක් ඇති දෙයක් බවයි. එහි අගක් මුලක් නැත. කාලය අතින් අසීමිතයි. අපරිමිතයි. එහි තැන් තැන්හි සිදුවන කුඩා පිපුරුම් නිසා එසේ සිදුවන ප්‍රදේශ ප්‍රසාරණය වේ. බ්‍රිතාන්‍ය ජාතික ස්ටීවන් හෝකින්ස් නම් විද්‍යාඥයා විශ්වය පිළිබඳව විස්තර කිරීමට ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව උපයෝගී කරගෙන ඇත.

ස්පන්දමාන විශ්ව වාදය

 


මෙම නවතම මතය ඉදිරිපත් කරන ලද්දේ විලියම් බොනර් නම් බ්‍රිතාන්‍ය ජාතික තාරකා විද්‍යාඥයා විසිනි. මේ මතයෙන් ප්‍රකාශ වන්නේ විශ්වයේ මුල මැද හෝ අග ඇති නැති බව නොවේ. එය අනන්ත කාලයක් පවත්නා බවයි. එය අවස්ථාවක ඝන වස්තුවක් සේ එකට පැවතිණි. දැන් එය විසිරෙමින් පවතී. එසේ විසිර ගිය එය යළි එක් රැස් වේ. යළිත් විසිරේ. මෙම ක්‍රියාවලිය නොකඩවාම සිදු වේ. මේ මතය භෞතික විද්‍යාවේ නියමයන්ටත්, අයින්ස්ටයින් හෙළිකළ සාපේක්ෂතාවාදයටත් බෙහෙවින් එකඟ බැව් පැවසේ. එහෙත් මෙය විශ්වයේ සම්භවය ගැන විස්තර නොකරයි.

මෙම කිනම් මත පළ කළද අද වනතුරුත් කිසිම පුද්ගලයකුට විශ්වය යනු කුමක්ද යන්න හරි හැටියට තෝරා බේරා ගැනීමට නොහැකි වී ඇත. නමුත් අනාගතයේදී කිසියම් පුද්ගලයකු හෝ විශ්වය යනු කුමක්දැයි නිවැරදිව ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වන්නටද හැකියාවක් පවතිනු ඇත.

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

3954 Views

Comments

arrow-up