ඕක් දූපතේ සැඟවුණු නිධානය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
03

ඕක් දූපතේ සැඟවුණු නිධානය

ඕක් දූපතේ සැඟවුණු නිධානය

නිධාන ගැන කතා කරද්දි කියැවෙන ලෝකයේ සුප්‍රසිද්ධ ස්ථානයක් තමයි කැනඩාවෙ දකුණු වෙරළ තීරයේ පිහිටා තිබෙන ඕක් දූපත කියන්නේ. මේක අක්කර 140 ක පමණ ලුනෙන්බර්ග් (Lunenburg) ප්‍රාන්තයේ පිහිටා තිබෙන පෞද්ගලික දූපතක්. මෙය ඕක් ගස්වලින් වැසුණු මහෝන් බොක්කෙ තිබෙන කුඩා දූපත් 360 න් එක දූපතක්.


18 වැනි ශතවර්ෂයේ ඉඳලම විවිධ වර්ගයේ කාසි, පුරාවස්තු හමුවුණු බවට පැතිරුණු කටකතා නිසාම කැණීම් කටයුතු කරන්න බොහෝ දෙනා මේ දූපතට ඇවිත් තිබෙනවා. ඒත් නොසිතූ විරූ විදිහට මුහුණදීමට සිදුවුණු නොයෙක් බාධා නිසා මෙලෙස පැමිණි පුද්ගලයන් හයදෙනකු පමණ දූපතේදීම මිය ගොස් තිබෙනවා.


1795 අවුරුද්දෙදි “ඩැනියෙල් මැතිනිස්” කියලා පුද්ගලයකුට මේ දූපතෙන් විශාල කවාකාර පහත් බිමක් හමුවෙලා තිබෙනවා. ඔහු ඇතුළු පිරිස එහි පරීක්ෂණ කටයුතු සිදුකරද්දි ඊට මීටර් 03 ක් පමණ පහළින් ඕක් ලී තට්ටුවක් දකින්න ලැබිලා තිබෙනවා.


දිගින් දිගටම මෙතැන කැණීම් කටයුතු කරගෙන යද්දි හමුවුණ විශාල පාෂාණමය පුවරුවක “අඩි 40 ක් පහළින් පවුම් මිලියන දෙකක් වැලලී ඇති” බව සඳහන් වෙලා තිබුණු බව කියවෙනවා. තවත් සමහර පුද්ගලයන්ට මේ නිධන් වළෙන් 17 වැනි ශත වර්ෂයට අයිති කාසි වගේම වික්ටෝරියා යුගයට අයිති ආභරණත් හමුවෙලා තිබෙනවා. ඒත් එතැනින් එහාට කැණීම් කටයුතු කරගෙන යනවිට විවිධ බාධාවන් එල්ල වෙන්න පටන් ගන්නවා.


‍දොළොස් වතාවක්ම උත්සාහ කළත් ඒ උත්සාහයන් සියල්ලම ව්‍යර්ථ වෙලා යන්නේ කිසියම් ව්‍යසනයකුත් ළඟා කරමින්. මේ විදිහටම 1861 දී කැණීම් කටයුතු කරමින් සිටින අතරතුර පතල් ළිඳ හදිසියේම කඩා වැටෙනවා. මේ කැණීමෙදි සිදුවූ පළමුවැනි මාරාන්තික අනතුර විදිහට වතුර පොම්ප කරන යන්ත්‍රයක් පිපිරීම නිසා පුද්ගලයෙක් මිය යනවා.


1965 දී නැවතත් කැණීම් ස්ථානයෙන් මතුවෙන විස දුමක් නිසා හය දෙනකු මරණයට පත් වෙනවා. ඩොලර් බිලියන ගණනක් වටිනා රත්රන් වගේම මිල කළ නොහැකි පුරාවස්තු කීපයක්ම මේ නිධානයේ ඇති කියලා විශ්වාස කළත් තවමත් මේ නිධානය ගොඩගන්න නම් ලැබිලා නැහැ. අන්න ඒ නිසාම මේකත් ගොඩගන්න උත්සාහ කරන මිනිසුන්ව බිලිගන්නා ශාපලත් නිධාන් වස්තුවක් විදිහටයි කා අතරත් ප්‍රචලිත වෙලා තිබෙන්නේ.

views

288 Views

Comments

arrow-up