රටවල් තුනක් එකට හමුවන අපූරු කඳු මුදුන

දකුණු අමෙරිකාවේ Pakaraima යනුවෙන් හැඳින්වෙන සානුවේ ඉහළ ම ස්ථානය ලෙස සැලකෙන රොරයිමා කඳුවැටියට එම නම යොදා ඇත්තේ මේ ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන ‘පේමන්’ නම් ජන කොටසක් ය. ඔවුන් භාවිත කරන භාෂාවට අනුව ‘රොරයි’ යන්නෙහි අර්ථය ‘නිල් මිශ්‍ර කොළ පැහැය’ යන්න යි. ‘මා’ යන්නෙහි අර්ථය වන්නේ ‘ශ්‍රේෂ්ට’ යන්න යි.
වෙනිසියුලාව, ගයනා ජනරජය සහ බ්‍රසීලය යන රටවල් තුනට මැදි ව පිහිටා තිබෙන රොරයිමා ප්‍රදේශය සානුවක් ලෙස හැඳින්වේ. ඉන් සියයට පහක් පමණ බ්‍රසිලයේත්, 10% ක් පමණ ගයනා ජනරජයේත්, ඉතිරි 85% ක පමණ ප්‍රමාණය වෙනිසියුලාවේත් පිහිටා තිබේ.
රොරයිමා කඳුවැටියේ වෙනිසියුලාවේ පිහිටි කොටස එරට ගිනිකොණ දිග ප්‍රදේශයට වන්නට පිහිටා තිබෙන වර්ග කිලෝමීටර 30,000 ක පමණ වපසරියකින් යුතු කැනයිමා නම් ජාතික උද්‍යානයට අයත් වේ. එහි බ්‍රසීලයට අයත් කොටස ද ඇතුළත් ව ජාතික උද්‍යානයක් පිහිටුවා ඇති අතර එය මොන්ටේ රොරයිමා ජාතික උද්‍යානය යනුවෙන් හැඳින්වේ.
ඉංග්‍රීසි ජාතික ගවේෂකයකු වූ වෝල්ටර් රැලේ 1597 දී මෙම ප්‍රදේශය පිළිබඳ ව අධ්‍යනය කර තිබෙයි. එහි ඇති මේසයක මතුපිටක් වැනි පිහිටීම හේතුවෙන් එය වඩාත් ජනප්‍රිය වේ. මෙම කඳුවැටියේ උස ම ස්ථානය මීටර් 2,810 ක උසින් යුතු ය.
එහි සෑම පසෙකින් ම පිහිටා ඇත්තේ මීටර් 400 කට වැඩි උසින් යුතු ප්‍රපාත වීම තවත් විශේෂත්වයකි. දියඇලි කිහිපයක් ද මෙහි පිහිටා තිබෙන අතර ඉන් ප්‍රධානත ම එකක් සේ සැලකෙන රොරයිමා දියඇල්ල මීටර් 610 ක උසින් යුතු බවට ගණන් බලා තිබේ.
484 Views
Comments