ඉතිහාසය සඟවාගත් පුරාණ නගරය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

ඉතිහාසය සඟවාගත් පුරාණ නගරය

ඉතිහාසය සඟවාගත් පුරාණ නගරය

ක්ලිෆ් පැලස් නම් නගර සංකීර්ණය පිහිටා ඇත්තේ අමෙරිකාවේ නිරිතදිග පිහිටි කොලරාඩෝ ප්‍රාන්තයේ යි. මෙය ‘පුඑබ්ලෝ’ නමින් හඳුන්වන ස්වදේශික අමෙරිකානුවන් ඉදි කළ බවට සැලකෙන අතර, ඔවුන්ගෙන් පැවත එන්නන් අදට ද කොලරාඩෝ ප්‍රාන්තයේ දැකිය හැකි යි.



මෙම ස්වදේශිකයන්ගේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ ක්‍රිස්තු වර්ෂ 900 ත් 1200 ත් අතර කාලය යි. එය සාමාන්‍යයෙන් ස්වදේශික ඉන්දියානුවන් නම් කර ඇත්තේ, ඔවුන් සාදා ගත් ජනාවාසවල යෙදූ නම් අනුව යි.



මෙකල, මෙම පෙදෙසේ ජීවත් වූ ස්වදේශකයන් ‘අනසාරි’ ගෝත්‍රයට අයත් ලෙස සැලකුණු අතර, ඔවුන් මෙම ‘ක්ලිෆ් පැලස්’ නම් ස්ථානයේ ගොඩනැඟිලි ඉදිකර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1200 පමණ කාලයක බැව් අද වන විට ඔප්පු වී තිබේ.



කෙසේ නමුත් සාදා නොබෝ කලකින් ඔවුන් මෙම ස්ථානය අතැර ගොස් තිබෙනවා. ඒ ක්‍රිස්තු වර්ෂ 1300 වැනි කාලයක වන අතර, ඉන් පසු වසර 600 ක පමණ කාලයක් එය සම්පූර්ණයෙන් ම වනයෙන් වැසී, බාහිර ලෝකයෙන් වසන් වී පැවතී තිබෙනවා.



1888 වසරේදී නැති වූ තම ගවපට්ටිය සොයා ගිය රිචඩ් වෙදර්විල්, චාල්ස් මේසන් සහ ස්වදෙශිකයකුට අහම්බයකින් මෙම නගර සංකීරණයේ ගොඩනැගිලිවල නටබුන් හමු වී තිබෙන අතර, එම නගර සංකීර්ණය වටා, ශක්තිමත් ගල් බැම්මක් බැඳ තිබෙන බව ද නිරීක්ෂණය වී තිබෙනවා.



ස්වදේශික අමෙරිකානුවන් මෙම නගර සංකීර්ණය අතැර ගොස් ඇත්තේ මන්දැයි යන්න අදටත් තහවුරු වී නැහැ. කෙසේ නමුත්, යුරෝපීයයන් අමෙරිකාවට පැමිණීමට පෙර, එරට මුහුණ දුන් දරුණු නියඟයක් පිළිබඳ ව සටහන් පවතින අතර, එම නියඟය නිසා වගා පාළු වීම හේතුවෙන්, සිය ජීවිතාරක්ෂාව පතා, මෙය ඉදි කළ ස්වදේශියකන්ට, වෙනත් ස්ථානයකට සංක්‍රමණය වන්නට සිදුවන්නට ඇති බැව් අනුමාන කෙරෙනවා.


වර්තමානය වන විට එම නගර සංකීර්ණයේ තිබී ඉදිකිරීම් රාශියක් හමු වී තිබෙනවා. මේවා අතර පෞරාණික නගරයක දක්නට ලැබෙන සියලු පහසුකම්, කාලානුරූපී ව එම සංකීර්ණය තුළ පැවති බවට සාධක රාශියක් පවතිනවා.

views

195 Views

Comments

arrow-up