ලක්ෂ හතකට එහා සංචාරකයින් ලංකාව බලන්න ඇවිත්

මේ වසරේ පළමු මාස හත තුළ සංචාරකයන් 763,000 ක් මෙරටට පැමිණ ඇති බවත් එමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 800 ක පමණ අදායමක් ලබාගැනීමට හැකිවූ බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙම අදහස් පළ කළේ, 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන්, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
සංචාරක කර්මාන්තය නංවාලීමට සාම්ප්‍රදායික ක්‍රමවලින් මිදිය යුතු බව පෙන්වා දුන් ඩයනා ගමගේ මහත්මිය මළ නගරවලට (Dead Cities) සංචාරකයන් නොපැමිණෙන බවත් සංචාරකයින්ට සක්‍රීය නගර ඇති කිරීමේ අවශ්‍යතාවක් ඇති බවත් අවධාරණය කළාය.
485 Views
Comments