වසර දහස් ගණනක් පැරණි අපූරු ගුහා පද්ධතිය

මෙම ජාතික වනෝද්‍යානයට චපාඩා ඩයමන්ටිනා යන නම ලැබී ඇත්තේ එහි පවතින කඳු බෑවුම් සහිත අපූරු භූවිෂමතා ලක්ෂණ සහ කලකට පෙර මෙම ප්‍රදේශයෙන් විශාල ලෙස දියමන්ති හමු වුණු නිසා යි.
1985 සැප්තැම්බර් 17 වැනිදා මෙය ජාතික උද්‍යානයක් ලෙසින් ප්‍රකාශයට පත් කරන ලදි. හෙක්ටයාර 152,142 භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතින මෙම ජාතික උද්‍යානය ඇතුළත මීටර් 1,000 ක පමණ උසකින් යුත් සානුවක් දක්නට ලැබේ.
ජල පෝෂක ප්‍රදේශයක් වන එය සාඕ ෆ්රැන්සිස්කෝ, ඩි කොන්ටාස්, සහ පැරගුවාසු යන ගංගා පෝෂණය කරයි. මෙම වනෝද්‍යානය තුළ මීටර් 1,500 ඉක්මවා ගිය කඳු මුදුන් කිහිපයක් නිර්මාණය වී තිබේ. එමඟින් මෙහි සුන්දරත්වය තවත් වැඩි වී ඇත.
චපාඩා ඩයමන්ටිනා වනෝද්‍යානයේ පවතින අපූරු භූවිෂමතා ලක්ෂණ හේතුවෙන් දිය ඇලි රැසක් ඒ ආශ්‍රිත ව නිර්මාණය වී තිබේ. ඒ අතරට පොකෝ ඩෝ ඩියබලෝ, ෆුමාකා, රියචින්හෝ, පැල්මිටල්, එන්කැන්ටාඩා, බ්‍රෙජෝස්, මැන්ඩසායා, රියෝ ෆ්රීටෝ, පරිෆිකාකාඕ යන දිය ඇලි අයත්ය. ඒවාගෙන් ෆුමාකා සහ පොකෝ ඩෝ ඩියබලෝ යන දිය ඇලි වඩාත් ප්‍රසිද්ධ යි.
මෙම වනෝද්‍යානය සංචාරකයන්ගේ ආකර්ශනය දිනා ගැනීමට තවත් හේතුවක් වී තිබෙන්නේ මෙහි දක්නට ලැබෙන අපූරු ගුහා පද්ධතිය යි. ගංගාවන් මඟින් සාදන එම ගුහා පද්ධතිය වසර දහස් ගණනක් පැරණි යි. පොකෝ අසුල්, ලපා ඩොස්, ටොරින්හා, ප්‍රතින්හා මෙහි තිබෙන වඩාත් ප්‍රසිද්ධ ගුහා හතර යි.
648 Views
Comments